රුපියල් ලක්‍ෂයකට අධික වටිනාකමින් යුත් “ඩාන්සින් ටැබ්ලට්” ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනකු කොළඹ මධ්‍යම නීතිය බලගැන්වීමේ ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම ඒකකයට ලැබුණු තොරතුරකට අනුව සැකකරුවන් පිටකොටුව,
බෝධිරාජ මාවතේදී කොටුකරගෙන ඇත.
සැකකරුවන් පැමිණි ත්‍රිරෝද රථය පරීක්‍ෂාවට ලක් කිරීමේදී විදේශීය රටකින් ආනයනය කරනලද එක්‌ස්‌ටර්ඩ් වර්ගයේ මත්පෙති හෙවත් “ඩාන්සින් ටැබ්ලට්” 34 ක් තිබී සොයාගත් බවද එම ඒකකය කියයි.
සැකකරුවන් මෙම ඩාන්සින් ටැබ්ලට් රාත්‍රි සමාජ ශාලා වෙත පැමිණෙන තරුණ තරුණියන් හට අලෙවි කර ඇතැයි හෙළිවූ බවද එම ඒකකය පවසයි.
මොවුන් මෙම එක් මත් පෙත්තක් රුපියල් 3400 ක මුදලකට අලෙවිකර ඇතැයි එම ඒකකය සිදුකරන ලද පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ.
අවුරුදු 23 හා 26 යන වයස්‌වල පසුවන සැකකරුවන් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද එම ඒකකය කියයි.
තමන්ට මෙම ඩාන්සින් ටැබ්ලට් මිතුරකුගෙන් ලැබුණු බව සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී එම ඒකකයට පවසා තිබේ.
කොළඹ මධ්‍යම කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සාලිය ද සිල්වා මහතාගේ අධීක්‍ෂණය යටතේ කොළඹ මධ්‍යම නීතිය බලගැන්වීමේ ඒකකයේ ස්‌ථානාධිපති පොලිස් පරීක්‍ෂක ජනක්‌ද සිල්වා මහතාගේ උපදෙස් මත උ.පො.ප. කැලුම්, පො.සැ. ජයවීර (1675), පො.කො. වරුන් වන අබේසිංහ (16571), කසුන් (72811), පුෂ්පකුමාර (86576), අත්තනායක (62973), කා.පො.කො. සෙනෙවිරත්න (2986) යන නිලධාරීහු මෙම වැටලීම සඳහා සහභාගී වූහ.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
“ඩාන්සින් ටැබ්ලට්”ත්‍රිරෝද රථයෙන් ප්‍රවාහනය කළ සැකකරුවෝ පොලිස් දැලේ
2017-08-16T12:31:00+05:30
Gossip Lanka Hot News