gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කඩන් වැටෙන්න දඟලන ලංකාවේ අරුම පුදුම බස් නැවතුම්පල

හැටන් වැලිඔය ප‍්‍රධාන මාර්ගයේ මගීන් සඳහා ඉදිකර තිබෙන බස් නැවතුම්පොළවල් දෙකක් කඩා ගෙන වැටිමේ අවධානමක්.

හැටන් සිට හැටන් වැලිඔය දක්වා වු ප‍්‍රධාන මාර්ගයේ මගීන් සඳහා ඉදිකර තිබෙන කොන්ක්‍රීට් යොදා සකස් කරන ලද බස්නැවතුම්පොළවල් දෙකක් කඩා වැටිමේ අවධානමක් හේතුවෙන් එම මර්ගයේ ගමන් ගන්නා මගීන්
දැඩි අසිරුතාවයකට පත්වි තිබෙනවා.

වැලිඔය මානික්‍ය වත්ත ප‍්‍රදේශයේ සහ වැලිඔය වත්ත පහළ කොටසේ ප‍්‍රධාන මාර්ගය අභියස ඉදිකර තිබෙන බස්නැවතුම්පොළවල් දෙකකුයි මෙසේ කඩා වැටිමේ අවධානමක් ලක්වි ඇත්තේ.

මධ්‍යම පළාත් සභාව නියෝජනය කරන වතුකරයේ දේශපාලන අධිකාරිය මගින් වෙන් කරන ලද මුදල් ප‍්‍රතිපාදන වලින් අඹගමුව ප‍්‍රාදේශිය සභාව මගින් මෙම බස් නැවතුම්පොළවල් දෙක මීට වසර පහළොවකට ප‍්‍රථම ඉදිකර ඇති බවයි එම මාර්ගයේ ගමන් ගන්නා මගීන් පවසන්නේ.

එම මාර්ගයේ දිනකට වතු ආශ්‍රිතව සහ ඒ අවට වු වැලිඔය පුදුකාඩු ආග‍්‍රාඔය සෙන්ටිහේලියාර්ස් යන ගම්මාන රැසක මගීන් සහ පාසල් ළමුන් විශාල පිරිසක් හැටන් නගරය දක්වා පාසල් වලට හා නගරයට පිවිසෙන අතර ඒ සඳහා හැටන් බස්නැවතුම්පොළේ සිට ලංගම සහ පෞද්ගලික බස් රථ ගණනාවක් ධාවනයට එක්කර තිබෙනවා.

වටවල පොලිස් බල ප‍්‍රදේශයේ පිහිටි මෙම වතු සහ ගම්මාන රැසකටම වසරේ වැඩිම කාලයක් දැඩි සුළං සහ වර්ෂාපතනය පවතින නිසා මෙම බස්නැවතුම්පොළවල් දෙක කැඩි යෑමේ අවධානමකට ලක්වි ඇති බැවින් බස් රථය පැමිණෙනතුරු මගින් වැස්සේ තෙමි තෙමි ප‍්‍රධාන මාර්ගයේ රැදි සිටිමට සිදුවි තිබෙනවා.

මෙම බස්නැවතුම්පොළවල් දෙක ප‍්‍රතිසංස්කරණය කර දෙන ලෙස අදාල බලධාරින්ගෙන් කොතෙක් ඉල්ලා සිටියත් එයට මෙතෙක් කිසිදු ප‍්‍රතිචාරයක් ලැබි නොමැති බවයි ප‍්‍රදේශවාසින් පවසන්නේ.



-හැටන් රංජිත් රාජපක්‍ෂ

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka