gossip lanka

ලොව අංක එකේ ටෙස්ට් පිල ලංකාවට ගොඩ බහියි !

ටෙස්‌ට්‌, එක්‌දින හා විස්‌සයි 20 තරගාවලියට සහභාගී වන ඉන්දීය ක්‍රිකට්‌ කණ්‌ඩායම ඊයේ (19) රාත්‍රියේ කටුනායක බණ්‌ඩාරනායක ගුවන්තොටුපළෙන් මෙරටට පැමිණියේය.

ලොව අංක එකේ ටෙස්‌ට්‌ පිලවන ඉන්දියාව ටෙස්‌ට්‌ තරග තුනක්‌, එක්‌දින තරග පහක්‌ සහ විස්‌සයි විස්‌ස තරගයක්‌ සඳහා සහභාගී වීමට නියමිතය.

ප්‍රථම ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සභාපතිගේ පිලත් සමග පැවැත්වෙන දෙදින පුහුණු තරගයකට හෙට (21) ටිරෝන් ප්‍රනාන්දු පිටියේදී සහභාගී වීමට නියමිතව තිබේ.
ඒ අනුව දෙරට අතර පළමු ටෙස්‌ට්‌ තරගය මෙම මස 26 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර දෙවන හා තෙවන ටෙස්‌ට්‌ තරගය පිළිවෙළින් අගෝස්‌තු 03 වැනිදා එස්‌.එස්‌.සී. පිටියේදීත්, 12 වැනිදා පල්ලේකැලේ ජාත්‍යන්තර පිටියේදීත් පැවැත්වීමට නියමිතය.

මෙවර ඉන්දීය සංචාරය එක්‌දින තරග පහකින් සමන්විත වන අතර එහි පළමු තරගය දඹුල්ලේදී අගෝස්‌තු 20 දා ආරම්භ වන අතර එම දෙවැනි හා තෙවැනි තරග 24 හා 27 දා පල්ලේකැලේ ජාත්‍යන්තර පිටියේදී පැවැත්වීමට නියමිතය. ඊට අදාළ අවසන් එක්‌දින තරග දෙක අගෝස්‌තු 31 හා සැප්තැම්බර් 03 දා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙවර එක්‌දින තරගාවලියේ තරග පහම දිවා රාත්‍රී තරග ලෙසින් පැවැත්වීම විශේෂත්වයක්‌ බවට පත්ව තිබේ.

ඉන්දීය ටෙස්‌ට්‌ සංචිතය
විරාට්‌ කෝලි (නායක), ශිකර් ධවාන්, අජින්ක්‍යා රහානේ, ලෝකේෂ් රාහුල්, ෙච්තේෂ්වර් පුජාරා, රෝහිත් ශර්මා, රවිචන්ද්‍රන් අශ්වින්, රවීන්ද්‍ර ජඩේජා, රිද්දීමන් සාහා, ඉශාන්ත් ශර්මා, උමේෂ් යාදෙව්, හර්දික්‌ පාණ්‌ඩ්‍යා, බුවනේෂ්වර් කුමාර්, මොහොමඩ් ශාමි, කුල්දීප් යාදෙව්, අභිනව් මුකුන්ඩ්
gossip lanka