gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මීගමුව රෝහ‍ල් කාර්ය මණ්ඩලයේ 50කට ඩෙංගු

මීගමුව රෝහ‍ලේ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයේ 50කට පමණ මේ වන විට ඩෙංගු වැළඳි ඇති බව වාර්තාවේ.

 එම අය නැවත සේවයට වාර්තා කිරීම මාසයක පමණ කාලයක් ප්‍රමාද විය  හැකි බැවින් එම සේවා හිඟයද රෝහලට තදින් දැනෙන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය ෂෙනාල් ප්‍රනාන්දු මහතා පවසයි.
රෝග ව්‍යාප්තිය දැන් පවතින ලෙසට මීගමුවේ ඩෙංගු අධිවසංගත තත්ත්වයක් ඇති බවද හෙතෙම කීය.

‍මේ අතර ඩෙංගු රෝගය වැළඳී ඇති මුළු රෝගීන්ගේ සංඛ්‍යාවෙන් සියයට30ක් පාසල් දරුවන් බැවින් පාසල් පරිශ‍්‍රයන් ඩෙංගුවලින් තොර කලාපයක් බවට පත්කිරීමේ සම්පූර්ණ වගකීම විදුහල්පතිවරුන් වෙත පැවරිමට ඊයේ (19දා) ඩෙංගු මර්දනය පිළිබඳ මෙහෙයුම් කමිටුවේ විශේෂ සාකච්ඡාවේදී යෝජනා වී තීබේ.

ඩෙංගු අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති දිස්ත‍්‍රික්ක කෙරෙහි වැඩි ප‍්‍රමුඛත්වයක් ලබාදෙමින් කටයුතු කිරීමේ වැදගත්කම ද මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර වත්මන් කාලගුණ තත්ත්වය සහ ඉදිරි මාස කිහිපය තුළ වර්ෂාව ඇතිවීමේ ප‍්‍රවණතා ද සැලකිල්ලට ගනිමින් ඩෙංගු මර්දනය සඳහා වහාම පියවර නොගන්නේ නම් තවදුරටත් ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීමේ ගැටලුවකට මුහුණ දීමට සිදුවන බව ද මෙහිදී අවධාරණය කෙරිණි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka