රාජගිරිය ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳසැලක ගින්නක් හටගෙන තිබේ.
කොළඹ ගිනි නිවීම් ඒකකය සඳහන් කළේ, ගින්න නිවා දැමීම සඳහා සේවා රථ 05 ක් පිටත් කර යවා ඇති බව ය.
ඒ, කොළඹ, කෝට්ටේ සහ දෙහිවල යන ගිනි නිවිම් ඒකක වලිනි.
අද අලුයම 05.30 ට පමණ හටගත් ගින්න මෙතෙක් සම්පුර්ණයෙන් නිවා දැමිමට හැකි වී නොමැත.
ගින්නෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බව ද ගිනි නිවීම් සේවා ඒකකය සඳහන් කළේය.
ගින්නට හේතුව ද මෙතෙක් අනාවරණය වී නොමැත.
රාජගිරියේ සුපිරි වෙළඳ සැලක ගින්නක් !
2017-07-02T09:53:00+05:30
Gossip Lanka Hot News