කහටගස්දිගිලිය - රන්පත්විල ප්‍රදේශයේ පාමුර සංචාරයේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකුට පහරදී බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තරුණයින් තුන්දෙනෙකු කහටගස්දිගිලිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (02) රාත්‍රියේ මෙලෙස පහරකෑමට ලක්වුණේ කහටගස්දිගිලිය
පොලීසියේ සේවය කරන කොස්තාපල්වරයෙකු වන අතර ඔහු මේ වනවිට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.
හිස්වැසුමක් නොමැතිව යතුරුපැදියක ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී අදාළ යතුරුපැදියේ සිටි තරුණයින් දෙදෙනා සහ අදාළ කොස්තාපල්වරයා අතර බහින්බස්වීමක් සිදුව තිබෙනවා.
පසුව යතුරුපැදිකරු සහ ඔහු සමග පැමිණි අනෙක් තරුණයා එම ස්ථානයෙන් පිටව ගොස් ඇති අතර, මඳ වේලාවකින් තවත් තරුණයින් පස්දෙනෙකු සමග පැමිණි එම තරුණයින් දෙදෙනා කොස්තාපල්වරයාට බැන තර්ජනය කර ඔහු විසින් ලබාගත් රියදුරු බලපත්‍රය ඉල්ලා ඇති බවයි පොලීසිය කියා සිටියේ.
එම අවස්ථාවේදී ඔවුන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර කොස්තාපල්වරයාට තරුණයින් විසින් කඩුවකින් පහර දී ඇති බව පොලීසිය කියා සිටියා.
සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ කොස්තාපල්වරයා කහටගස්දිගිලිය ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුවයි අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර යැවුණේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කහටගස්දිගිලිය - රන්පත්විල - රොටපොකුණ පදිංචිකරුවන්.
සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි කහටගස්දිගිලිය පොලීසිය කියා සිටියේ.
ලයිසන් එක ඉල්ලූ කොස්තාපල්වරයාට කඩුවෙන් කොටලා
2017-07-03T15:32:00+05:30
Gossip Lanka Hot News