පකිස්ථානයේ මුල්තාන් ප්‍රදේශයේ ජිර්ගා නමැති සභාවක් විසින් මෙම
තීන්දුව ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
අසල්වැසි පවුලක තරුණයෙක් චිසින් 12 හැවිරිදි දැරියක් දූෂණය කර තිබෙනවා.
ඒ පිළිබදව දැනගත් අදාල දැරියගේ පවුලේ ඥාතීන් විසින් මේ සම්බන්දයෙන් ගම් සභාවට පැමිණිලි කර ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී අදාල දූෂණ සිද්ධිය විභාගයට ගත් ගම් සභාව තීරණය කර ඇත්තේ දඬුවම් වශයෙන් දූෂණ සිද්ධියට සම්බන්ධ තරුණයාගේ 16 හැවිරිදි සහෝදරියද එම ආකාරයෙන්ම දූෂණය කරන ලෙසට පසුගිය 26 වනදා තීන්දු කර තිබෙනවා.
මෙම ජිර්ගා නමැති සභාව විසින් ලබා දුන් තීරණය සම්බන්ධයෙන් මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇති අතර මේ සම්බන්ධයෙන් එරට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක්ද ගොනුකර ඇති තිබෙනවා.
ජිර්ගා නමැති මෙවැනි සභාවන් තුල නඩු විභාගයට ගැනීම තහනම් වන අතර අදාල සිදුවීම සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ සේවය අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ.
අදාල දැරියන් දෙදෙනා මේ වන විට පරිවාස භාරයේ පසුවන බව සදහන්.
ලංකාවේ හොට්ම නිව්ස් එසැනින් දැන ගන්න පහත ඇති Like Button එක Click කර අපගේ faceBook ජාලයට එකතු වන්න.
