gossip lanka

බිළිඳු මළ සිරුරක් ගැන සෙබළියකට ඇගිල්ල දිගුවෙයි

කටුනායක ගුවන් හමුදා කඳවුරේ කාන්තා නේවාසිකාගාරය පිටුපස ගමන් මල්ලක තිබී බිළිඳු මළසිරුරක් හමුවී ඇති බව වාර්තා වේ.

එම නේවාසිකාගාරයේ කසළ ඉවත් කරන සෙබළියකට මෙම මළ සිරුර හමුවී ඇත.

නේවාසිකාගාරය පිටුපස කසළගොඩ මත තිබූ ගමන් බෑගයකින් අධික දුගදක් හැමීම නිසා එම සෙබළිය අදාළ ගමන් බෑගය විවෘත කිරීමෙන් අනතුරුව  බිළිඳු මළසිරුර දැක තිබේ.
අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය දැනුවත්කර ඇති අතර පොලිස් නිලධාරීන් විසින් කාන්තා නේවාසිකාගාරය පරීක්ෂා කිරීමේදී එක් ඇද ඇතිරිල්ලක ලේ පල්ලම් තිබී හමුවී ඇත.

එමෙන්ම අදාළ ඇඳෙහි හිමිකාරිත්වය දරන ගුවන් හමුදා සෙබළිය උදරයේ අබාධයක් බව පවසා ගුවන් හමුදා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවද අනාවරණය වී ඇත..

සිද්ධිය සම්බන්ධයෙන් සිදූව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
gossip lanka