gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලොවම කළඹමින් සූර්යා මත විශාල ලපයක් ඇතිවෙයි, නාසා එකෙන් කියන කතාව මෙන්න

නාසා ආයතන විසින් සූර්යා මත විශාල ලපයක් දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

මෙම ලපය සැතපුම් හැත්තෑපන්දහසක විශාලතවයකින් යුතු බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

අදාළ ස්ථානයේ ඇතිවන සූර්ය ගිනිදළු මගින් පෘතුවිය දෙසට
අනතුරුදායක විකිරණ යැවීමේ හැකියාවක් ඇති බවටයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් මෙම ස්ථානයෙන් ප්‍රබලතාවයෙන් දෙවන තැන හිමිවන M ඛාණ්ඩයේ ගිණි දළු නිපදවීමක් සිදුවන බවයි විශේෂඥයින් අනතුරු අඟවා ඇත්තේ.

M ඛාණ්ඩයේ ගිණි දළු මගින් ඇතිවන විකිරණ හේතුවෙන් පෘථිවියේ ධ්‍රැව ආශ්‍රිත චන්ද්‍රිකා සහ රේඩියෝ සන්නිවේදන පද්ධතීන් සුළු කාලයකට අක්‍රිය වීමක් සිදුවිය හැකි ය.

ගිණි දළු අතර විශාලතම ඛාණ්ඩය X වේ.

දැනට වාර්තා වී ඇති විශාලතම සූර්ය ගිණි දළුව වාර්තා වූයේ 2003 වසරේදීයි.

සූර්ය ගිණිදළුවේ ප්‍රබලතාවය මනින උපකරණ මගින් එය X17ක් ලෙස මැන්නද එය X28ක් පමණ විශාල බවයි විද්‍යාඥයින් ප්‍රකාශ කළේ.

මීට පෙර සූර්යා විසින් M8.7 ප්‍රමාණයේ ගිණිදළුවක් නිකුත්කල අතර ඒ හේතුවෙන් විශාල විකිරණ කුණාටුවක් ඇති වූවා.

මෙවන් කුණාටු පෘථිවිය දෙසට ඇති වුවහොත් පෘථිවිය අවට කක්ෂගතකර ඇති චන්ද්‍රිකාවලට හානි විය හැකි බවටයි නාසා ආයතන වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

සූර්යයාගේ චුම්බක ක්ෂේත්‍ර ඇඹරී, කෑඩී, නැවත එකතුවන විට සූර්යය වායුගෝලයේ ඇති වන පිපිරීම් නිසා හයිඩ්‍රජන් බෝම්බ බිලියන ගණනක ශක්තියක් නිපදවෙන අතර මෙම ශක්තිය සූර්ය ගිණිදළුවක් ලෙස අභ්‍යවකාශයට මුදාහැරීම සිදුවන බවයි නාසා ආයතනය නිකුත් කළ වාර්තාවල දැක්වෙන්නේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka