gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තවත් මාස 3 ක් වැසි නැහැ - ගොවි පවුල් හත්ලක්ෂයක් පීඩාවෙන්

දිස්ත්‍රික්ක 13 කට බලපා ඇති නියඟය හේතුවෙන් ගොවි පවුල් හත්ලක්ෂයක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වනවා. 

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ තවත් ලක්ෂ දෙකකට අධික පිරිසකට එමගින් වක්‍ර බලපෑම් එල්ල වී ඇති බවයි.

මේ අතර, ලබන ඔක්තෝම්බර් මස මුල් සතිය වනතුරු නියඟය පවතින ප්‍රදේශවලට ප්‍රමාණවත් වැසි නොලැබෙන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

උතුර, උතුරු මැද, නැගෙනහිර, වයඹ යන පළාත්වලට මෙම නියං කාලගුණ තත්ත්වයෙන් දැඩි ලෙස බලපෑම් එල්ල වී තිබෙනවා.

මීට අමතරව නියඟයෙන් දැඩි බලපෑම් එල්ල වී නොමැති නිරිත දිග සහ දකුණු ප්‍රදේශවලටද ප්‍රමාණවත් වැස්සක් ඉදිරි මාසයක පමණ කාලය තුළ නොලැබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර, ආණ්ඩුවේ අකාර්යක්ෂම ජල කළමනාකරණය හේතුවෙන් ගොවීන් වැඩිවශයෙන් පීඩාවට පත්ව ඇති බවයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න ප්‍රකාශ කළේ.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka