gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මුලතිව් කෝකිලායි සිංහල පාසලේ පිපිරීමක්…

මුලතිව් කෝකිලායි සිංහල පාසලේ පැවති ඩෙංගු මර්ධන වැඩසටහනකදී කසල ගොඩක සිදු වූ පිපිරීමක් හේතුවෙන් කම්පනයට පත් පාසල් සිසුන් 08 දෙනෙකු අද (18) උදෑසන මුලතිව් මාන්චෝලෙයි රෝහලට ඇතුලත් කල බවට මුලතිව් පොලීසිය කියා සිටියේය.

අද උදෑසන කෝකිලායි සිංහල පාසලේ ඩෙංගු මර්ධන වැඩසටහනක් පැවති ඇති අතර එහිදී පාසල් සිසුන් විසින් එක් රැස් කරගන්නා ලද කසල
එකතු කොට ගිනි තබා ඇති අතර එහිදී එක් කසල ගොඩක් හදීසියේම දැඩි ශබ්දයකින් පුපුරා යාම හේතුවෙන් අසල සිටි සිසු සිසුවියන් හට ඇති වූ කම්පන තත්වයක් හේතුවෙන් ඔවුන් රෝහල් ගත කොට ඇත.

මුලතිව් පොලීසිය සඳහන් කලේ අදාල පිපීරීමෙන් කිසිදු අයෙකුට තුවාල සිදුවීමක් නොමැති බටත් අදාල පිපරුම කිසියම් වූ පුපුරණ දුව්‍යක් තිබී පුපුරා යන්නට ඇති බවට තමන් සැක කරන බවටයි.

මාචෝලෙයි රෝහලට ඇතුලත් කොට ඇති සිසු සිසුවියන්ගේ තත්වය බරපතල නොවන අතර සිසුන් දෙදෙනෙකු හා සිසුවියන් හය දෙනෙකු මේ අතර වෙයි.

අදාල පිපිරීම වූ ස්ථානයට මේ වන විට මුලතිව් හා කෝකිලායි පොලිස් නිලධාරීන් පැමිණ පරික්ෂණ කටයුතු සිදු කරන අතර පාසල් ළමුන්ට බිය නොවන්නැයිද දැනුවත් කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka