gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නිවසේ තනිවම සිටි දරුවා හීටරයකින් පුච්චලා, දරුවාට අසාධ්‍යයි, සැකකරුවන්ට සිදු වූ දේ .!

නිවසකට පැමින එම නිවසේ තනිවම සිටි දරුවෙකු පුලුස්සා වද හිංසා කළ සිදුවීමේ සැකකරුවෙකු පොලිසීය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාවතගම පොලිසීය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙන අතර සිදුවීමට සම්බන්ධ අනෙක් පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පොලීසිය මෙතෙක් සමත්වී නැහැ.


හිංසනයට ලක්වූ  දරුවාගේ කටඋත්තර මත මේ අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර අනෙක් සැකකරුවන් දෙදෙනෙකු සොයා පරීක්ෂණ පවත්වන බව පොලිසිය පවසනවා.

පසුගිය මස 16 වැනිදා උදෑසන දරුවා නිවස තුළ  තනිවම රැඳී සිටියදී එහි  පැමිණි තිදෙනෙකු විසින් විදුලි හීටරයකින් ජලය රත්කර එම ජලය දරුවාගේ  ඇඟට වත්කර තිබූ අතර පසුව රත් වූ හීටරයෙන් දරුවාගේ මුහුණ පුළුස්සා තිබුණා.

අනතුරුව ප්‍රදේශවාසින් විසින් දරුවා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර දරුවා තවමත්  දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

මෙම සිද්ධියට මුහුණ දී තිබුණේ මාවතගම හිඳගොල්ල ප්‍රදේශයේ පාසලක නව වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙක්.



හිංසනයට ලක්වූ දරුවා

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka