gossip lanka

'කුමන්ත්‍රණ මැද ආර්ථිකය පෙරට ගෙනියනවා' - මංගල

බැරෑරුම් ආර්ථිකය බාර ගෙන, ආර්ථිකය ගොඩ නගමින් වේගවත් සංවර්ධනයට මුලපුරන බවත් සියලු ප්‍රශ්න තිබියදීත් ආර්ථිකය කඩා වට්ටන්න කුමන්ත්‍රණය කරද්දි ආර්ථිකය ඉදිරියට ගෙන යන බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ පාර්ලිමේන්තුවේ දී පැවසීය.

අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේ, විදේශ විනිමය
පනත් කෙටුම්පත විවාදයේ අදහස් දක්වමිනි.

ඉතාම ඉක්මනින් ප්‍රතිපත්ති සංශෝධනය කරගත යුතු ව්‍යුහාත්මක දුර්වලතා හඳුනාගත හැකි ආකාරයට ආර්ථිකය ශක්තිමත් කළ යුතු කාලයක් උදා වී තිබෙන බවත් ජනාධිපතිවරයා හඳුන්වා දුන් ආර්ථිකයේ දී මේ දුර්වලතා හඳුනාගෙන ඉදිරියට ගෙන ඒමට හැකි වී තිබෙන බවත් පැවසු අමාත්‍යවරයා වැඩි දුරටත් පවසා සිටියේ, 2015 වර්ෂයේ ජනාධිපතිතුමා මේ රටේ පාලනය බාර ගත් අවස්ථාවේ දී රටේ ආර්ථිකය දුර්වල මට්ටමක තිබුණු බවයි.




gossip lanka