සිංහල සිනමාව ද ඉන්දියාව විසින් ආක්‍රමණය කිරීමේ තත්ත්වයක් මතුව ඇති බවට සිනමාවේදීන්ගෙන් චෝදනා එල්ලවී තිබේ.
මේ චෝදනාව මතුවීමට ආසන්නම හේතුව බවට පත්ව ජූලි 14 වැනිදා සිට
රීගල්, මැජේස්ටික්, ලිඩෝ ඇතුළු දිවයින පුරා සිනමා කිහිපයක තිරගතවීමට නියමිත ධර්ම යුද්ධය චිත්‍රපටය නිසාය.
ඒ ධර්ම යුද්ධය ප්‍රකට ඉන්දීය අධ්‍යක්ෂවරයෙක් වන ( පසුගියදා අභාවප්‍රාප්ත) චෙයියාර් රවී ( DIRECTOR CHEYYAR RAVI ) නැමැති ඉන්දීය සිනමා අධ්‍යක්ෂවරයා විසින් අධ්‍යක්ෂණය කරන ලද්දක් වීමය. එහි කැමරා අධ්‍යක්ෂවරයා ද ඉන්දීය ජාතිකයෙක් බව පැවසේ.
මේ සිනමා පටය මහරාජා සමූහ ආයතනයට අයත් MM එන්ටර්ටේට්මන්ට් සාඩම්බර ඉදිරිපත් කිරීමකි.
මෙරට අධ්‍යක්ෂවරුන් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට 22 කට වැඩි ප්‍රමාණයක් ප්‍රදර්ශන පෝලිමේ තිබියදී මේ චිත්‍රපටයට වරම්දීම සම්බන්ධයෙන්ද සිනමාවේදීන්ගේ චෝදනා එල්ලවී ඇත.
කෙසේවුවද, ධර්ම යුද්ධය ඉන්දීය කොපියකට අනුව නිර්මාණය වූවකි.
ලංකාවෙ සිනමාවට ඉන්දියාව නැතිව බැරි ඇයි
සිනමා කර්මාන්තයේ කඩා වැටීම සිංහල සිනමාවට ඉන්දියන් සිනමාවේ සහය ලබා නොගෙන නිර්මාණ කිරීමට බැරිතරම් අසරණ කර ඇති බවටද තවත් සිනමා ප්‍රවීනයන් පිරිසක් කියා සිටිති.
dharma 0629 10ඔවුන් පෙන්වාදෙන්නේ ලංකාවේ දුවන සිනමාපට සැකසිය හැකි අධ්‍යක්ෂවරුන් නැත්නම් සිනමාකාරයින් සිටින්නේ දෙදෙනෙකු බවයි.
මෙරට අධ්‍යක්ෂවරුන් විසින් අධ්‍යක්ෂණය කරනු ලබන චිත්‍රපට 60% පමණ සංස්කරණය කරනු ලබන්නේ සිංහල වචනයක් හෝ නොහැකි ඉන්දීය සංස්කරණ ශිල්පීන් විසින් බවයි.
උදාහරණයක් ලෙස ලංකාවේ ප්‍රවීන නමගිය අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපට සංස්කරණය කරන නමගිය අය බවට පත්ව ඇත්තේ ඉන්දීය ජාතික ශ්‍රීකර් ප්‍රසාද් බවයි. ඇතැමුන් ඔහුට වැඳගෙන සිටින බවත්, ඒ ඔහු අපේ රටේ සංස්කරණ ශිල්පියකු විසින් සිදු නොකරණ වෙනස් රසයක් චිත්‍රපටයට ගොනුකරන නිසා බවද ඔවුහු කියා සිටිති.
අන්තර්ජාල තාක්ෂණය දියුණුවීමත් සමඟ මෙරට ප්‍රේක්ෂකයන්ගේ සිනමා රසාඥතාවය දියුණු වී ඇතත් සිනමාකරුවාගේ රසාඥතාවය දියුණුවී නැති බවටද ඔවුන් චෝදනා කරයි.
මෙරට චිත්‍රපට වැඩි ප්‍රමාණයක ශබ්ද පරිපාලන කටයුතු සිදුකරනු ලබන්නේද ඉන්දීය ශබ්දාගාර තුළ බවද පැවසේ.
මේවන විට සිංහල සිනමා කර්මාන්තයේ ප්‍රධානම නිළිය බවට පත්ව ඇත්තේද ඉන්දීය සම්භවයක් ඇති පූජා උමාශංකර් බවත් වාර්තා වේ. ඇය සියලු නිළියන් පරයමින් ඉතා ඉහල මිලක් අයකරන බවද වාර්තා වේ.
මේ අවස්ථා මඟහරවා ගැනීමට වසරකට පූනේ සිනමා පාසලට ලංකාවේ කිහිපදෙනෙකුට ශිෂ්‍යත්ව හෝ ලබාදෙන්නේ නම් වෙනසක් සිදුවනු ඇති බවටද එම සිනමා ප්‍රවීනයෝ විශ්වාසය පලකර සිටියහ.
සිංහල සිනමාවට ඉන්දියන් තොණ්ඩුවක් !
2017-07-04T08:06:00+05:30
Gossip Lanka Hot News