රාජපක්ෂ ආණ්ඩු සමයේ යෝජනාවකට අනුව කොළඹ ඉදිකෙරෙමින් පවතින සුප්‍රකට හයට් හෝටලය (HYATT) ඉදිකිරීම අත්හිටුවා එය පෞද්ගලික ආයෝජකයකුට විකුණා දමන ලෙස රජයට යෝජනාවක් ඉදිරිපත්ව ඇතැයි වාර්තා වේ.
එම හෝටලය දැනට අඩක් නිමකර ඇති අතර ඉතිරි කටයුතු නිමකිරීම සඳහා තවත් රුපියල් කෝටි 2000 (බිලියන 20) පමණ අවශ්‍ය බව පැවසේ.
අදාළ තත්ත්වය හේතුවෙන් ඒ සඳහා රාජ්‍ය මුදල් තවදුරටත් යෙදවිය නොහැකි බව මේ ගැන රජයට කරුණු දැක්වූ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් ගණනාවක්ම පෙන්වාදී ඇති බව වාර්තා වේ.
රජයේ ආර්ථික කවුන්සිලයේද අනුමැතිය ඇතිව හයට් හෝටලය සඳහා පෞද්ගලික ආයෝජකයකු තෝරාගැනීමට අවශ්‍ය පියවර ළඟදීම ගනු ඇතැයි ද මේ අතර වාර්තා වේ.
කොළඹ ඉදිකෙරෙන හයට් හෝටලය කාමර 580කින් සමන්විතය.
මේ සඳහා මුලින් මුදල් ආයෝජනය කරනු ලැබුවේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ලිට්රෝ ගෑස් සමාගම සහ සේවක අර්ථ සාධක අරමුදලයි.
හෝටලය ඉදිකිරීම සඳහා මුලින් ඇස්තමේන්තු කර තිබූ මුදල රුපියල් කෝටි 2800කි. (බිලියන 28). එහෙත් දැන් එය රුපියල් කෝටි 4300 (බිලියන 43) දක්වා වැඩි වී ඇති බවද වාර්තා වේ.
EPF මුදල් ඇති හයට් විකුණන්න යයි !
2017-07-08T15:27:00+05:30
Gossip Lanka Hot News