gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

‘WhatsApp’ හරහා දරුවන් විකිණූ සිවුදෙනෙකු අත්අඩංගුවට

‘WhatsApp’ සංනිවේදන ජාලය හරහා දරුවෙකු විකිණීමට තැත් කළ බවට සැක පිට සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බව ඉන්දීය පොලිසිය පවසනවා.

දිල්ලි පොලිසිය පවසන්නේ මෙම පිරිස ළමුන් විකිණීමේ ජාවාරමකට සම්බන්ධ බවයි.

අවුරුදු දෙකහමාරක් වයසැති තම පුත්‍රයා අතුරුදහන් වූ බව මාපිය යුවළක් පොලිසියට කළ පැමිණිල්ලකට
අනුව පොලිසිය එම දරුවා සොයා ගැනීම සඳහා සහාය පතමින් දරුවාගේ ඡායාරූපය ප්‍රසිද්ධ කිරීමට පියවර ගත්තා.

මේ අතරතුර, දරුවන් නොමැති අඹුසැමි යුවළකට ලබා දීම සඳහා පිරිමි දරුවෙකු වෙනුවෙන් මුදල් ගෙවීමට වෙනත් කාන්තාවක් එකඟ වී තිබුණා.

මෙම ගනුදෙනුව තීරණය වී ඇත්තේ අන්තර්ජාලයේ ‘WhatsApp’ සංනිවේදන ජාලය හරහා යි.

ඇමරිකානු ඩොලර් 4000කට ආසන්න මුදලකට තීරණය වූ මේ ගනුදෙනුවේ සිටි  දරුවාගේ ඡායාරූපය, කලින් අතුරුදහන් වී ඇති දරුවාගේ ඡායාරූපයට සමාන බැවින් ඉහත කී කාන්තාව සියලු තොරතුරු හෙළිදරව් කර තිබෙනවා.

පොලිසිය පවසන්නේ එම දරුවා මේවනවිට දෙමාපියන් වෙත භාර දී ඇති බවයි.

අත්අඩංගුවට ගත් සිව්දෙනා කලක සිට දරුවන් පැහැරගෙන විකිණීමේ ජාවාරමක යෙදී සිටි අයයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka