මෙලෙස මියගොස් ඇත්තේ බණ්‌ඩාරවෙල, නායබැද්ද ප්‍රදේශයේ පදිංචිව සිටි 07 හැවිරිදි පිරිමි දරුවෙක් බවයි අප වාර්තාකරු සදහන් කළේ.
බණ්‌ඩාරවෙල නායබැද්ද දෙමළ විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි
චන්ද්‍රබෝෂ් සදුෂන් නමැති මෙම දරුවා සිය මිත්තනියගේ නිවසේ සිට තවත් ළමුන් පිරිසක් සමඟ සෙල්ලම් කිරීමට ගොස් ඇති අතර එහිදී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
එම අවස්ථාවේ දී දරුවා බණ්ඩාරවෙල රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් සිටි බව සදහන්.
සිදුවීම සම්බන්ධයෙන් දරුවාගේ පියා දැක්වුයේ මෙවැනි අදහසක්.
"සිද්ධිය උන දවසේ බිරිඳත් මමත් කුලී වැඩට ගියා. දරුවන් දෙන්නා ලොකු අම්මාට බලාගන්න දුන්නා. දරුවා රොටි කාලා අසල්වැසි ළමයි සමඟ සෙල්ලම් කිරීමට ගොස් තිබුණා. එහිදී පිපිරුණු රබර් බැලුනයක කැබැල්ලක් පිම්බීමට ගොස් උගුරේ සිරවී තිබෙනවා. දරුවාට කතා කරගන්න බැරිව ආපසු ගෙදර ආවාම මම පිටට තට්‌ටු කළා. මම හිතුවේ රොටි උගුරේ හිරවී ඇති කියලා. බණ්‌ඩාරවෙල රෝහලට දරුවා ගෙන ගියාම ඔහු මියගිය බව වෛද්‍යවරු කිව්වා."
බදුල්ල මහ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය එච්. ටී. කේ. විජේවීරගේ පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව සහ ඉදිරිපත් වූ සාක්‍ෂි අනුව රබර් බැලූනයක විශාල කැබැල්ලක් ශ්වාසනාලය තුළ සිරවීමෙන් හටගත් ස්‌වශන අකර්නයක් නිසා වූ මරණයක් බවට මරණ පරීක්‍ෂකවරයා තීරණය කර තිබෙනවා.