gossip lanka

DIG ලලිත්ගේ තවත් කෙළි හෙළිවෙයි !

විද්‍යා ඝාතන සැකරු මුදාහැරීම නිසා අත්අඩංගුවට ගෙන මේවන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා සිදු කළ තවත් අක්‍රමිකතා රැසක තොරතුරු මේවන විට හෙළිව තිබේ.

ඒ අතරින් ඉකුත් 2015 ජනාධිපතිවරණ සමයේදී ජනාධිපති පොදු අපේක්ෂක වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගි වීමට
තිබූ කහවත්ත ප්‍රදේශයේ රැස්වීමක සැරැසිලි සිදුකළ ශාන්ත දොඩම්ගොඩ මහතාට වෙඩි තබා ඝාතනය කර තවත් දෙදෙනකුට වෙඩි තබා තුවාල සිදු කළ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රේමලාල් ජයසේකර (චොකා මල්ලි) මුදා ගැනීමට සිදු කළ බලපෑම් ප්‍රධාන තැනක් ගෙන ඇති බව පැවසේ.

එම සිද්ධියේදී කහවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයාට ප්‍රේමලාල් ජයසේකර මහතාගේ නම බී වාර්තාවට ඇතුළත් නොකරන ලෙස ජයසිංහ මහතා බලපෑම්කර ඇත.

ඒ සම්බන්ධයෙන් එහි ස්ථානාධිපතිවරයා යෙදූ සටහනකට අනුව පොලිස් විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණයක් පවත්වා ජයසිංහ මහතාට චෝදනා පත්‍රයක් ලබාදීමට නිර්දේශ කරමින් 2016 පෙබරවාරි 10 වැනිදා ජාතික පොලිස් කොමිසමට අදාල ලිපිගොනුව බාරදී තිබේ.

කෙසේවුවද, පොලිස් කොමිසම ඒ සම්බන්ධයෙන් මෙතෙක් ක්‍රියා කර නොමැති බවද මේවනවිට හෙළිව ඇත.

ලලිත් සබරගමුව භාර පොලිස් ප්‍රධානියාව සිටියදී නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ මැණික් වෙන්දේසි පැවැත්වීම, නැගෙනහිර භාර පොලිස් ප්‍රධානියාව සිටියදී ඇල්ල ප්‍රදේශයේ ඉදිවූ හෝටලයකට වැලි ඇදීම, දකුණු පළාත් සේවයේ නිරතව සිටියදී පාතාල අපරාධකරුවන් සමඟ කිට්ටු සම්බන්ධතා පැවැත්වීම යන කාරණා සම්බන්ධයෙන්ද ඔහුට එරෙහිව පොලිස් මූලස්ථානයට පැමිණිලි ලැබී තිබූ බව පැවසේ.



gossip lanka