gossip lanka

රියදුරු බලපත්‍ර නොමැතිව, නිල ඇඳුමෙන් පාසල් වෑන් රියක් පැදවූ සිසුවියකට වැඩ වරදී

පාසල් නිල ඇඳුමෙන් ම පාසල් සිසුන් ප්‍රවාහනය කරමින් සිටි වයස අවුරුදු 17 ක සිසුවියක් කඳාන පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කඳාන පොලිසියේ රථවාහන අංශය පවසන්නේ මේ සිසුවිය වෑන් රථයක්
පදවාගෙන යමින් පාසල් සිසුන් පිරිසක්, පාසලක් අසලින් බස්වනු දුටු පොලිස් නිලධාරියෙකු විසින් මේ වෑන් රිය පසුපස ගොස් ඇති බවයි.

තවත් පාසලක් අසලදී සිසුන් බස්වන අවස්ථාවේදී මේ සිසුවියව පොලිසිය විසින් නවතා ඇගේ රියදුරු බලපත්‍රය සහ වාහන ලියාපදිංචි බලපත්‍රය ඉල්ලා තිබෙනවා.

ඒ අවස්ථාවේ තමන් සතුව රියදුරු බලපත්‍රයක් නොමැති බව සිසුවිය විසින් පිළිගෙන ඇති අතර පසුව පොලිස් නිලධාරියා විසින් වාහන ලියාපදිංචි බලපත්‍රය සිය භාරයට ගෙන, තම මව සමඟ පැමිණ යලි එය ලබාගන්න ලෙස සිසුවියට දැනුම් දී ඇය මුදාහැර ඇති බවත් වාර්තා වනවා.




gossip lanka