gossip lanka

බස් රථවල මහ හඬින් ක්‍රියාත්මක කරන රේඩියෝ ගැන පැමිණිලි කරන්න අංකයක්

පෞද්ගලික බස්‌ රථවල ගමන් ගන්නා මගීන්ට හිරිහැර වන පරිදි අධික ශබ්දයෙන් රේඩියෝ යන්ත්‍ර ක්‍රියාත්මක කරන බස්‌ රථ පිළිබඳව ඉදිරියේදී
දැඩි පියවර ගන්නා බවට බස්‌නාහිර පළාත් මාර්ගස්‌ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසනවා.

එලෙසින් අධික ශබ්දයෙන් බස්රථවල කැසට් යන්ත්‍ර ක්‍රියාත්මක කරන බවට තමන්ට පැමිණිලි රැසක් ලැබී ඇති බවයි එම අධිකාරියේ සභාපති තුසිත කුලරත්න මහතා පවසන්නේ.

එලෙස බස් රථයකදී අධික ශබ්ධයෙන් රේඩියෝ සහ කැසට් යන්ත්‍ර වාදනය කරන අවස්තාවන් පිළිබඳව මහජනතාවට පැමිණිලි කිරීම සඳහා   0115-559595 යන දුරකථන අංකය විවුර්තව ඇති බවත් ඔහු ප්‍රකාශ කළා.


gossip lanka