gossip lanka

ජනප්‍රිය ළමා නිළියත් සමග රිය වැවට පෙරළේ - මාරාන්තික අනතුරකට ලක්වී ගැලවුණු හැටි මෙන්න

ඩන්ගල් චිත්‍රපටයේ  අමීර් ඛාන්ගේ දියණිය ලෙසට රගපෑ සයිරා වසීම් රිය අනතුරකට ලක්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

සයිරා වසීම් නම් 16 හැවිරිදි ඇයට  මෙම අනතුරින් හානියක්  සිදු නොවූ බවයි එම වාර්තාවන් පෙන්වා දෙන්නේ.

කාශ්මීර් ප්‍රාන්තයේදී ඇය ගමන් කළ මෝටර් රථය රියදුරාට පාලනය කර ගැනීමට නොහැකිව වැවකට පෙරලීමෙන් අනතුර සිදුව තිබෙනවා.
2016 වසරේදී තිරගත වු ඩන්ගන් චිත්‍රපටයේ අමීර් ඛාන්ගේ දියණිය ලෙසට සයිරා වසීම්ගේ රගපෑම ප්‍රේක්ෂකයන්ගේ ඉහළ ඇගයීමකට ලක්වුණා.

ඡායාරූප පහතින්..





gossip lanka