රයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩය යටතේ එංගලන්තයේ ඕවල් පිටියේ අද (03) පැවැති තරගයෙන් ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාව හමුවේ ලකුණු 96ක පරාජයක් ලැබීය.
ඒ අනුව මේ තරගාවලියේ ශ්‍රී ලංකාව සභාගි වූ පළමු තරගය පරාජයට පත්විය.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා පිලේ ආරාධනයෙන් මුලින්ම පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 299 ක් රැස් කළේය.
ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 41.3 කදී ලකුණු 203කට සියලුම දෙනා දැවී ගියේය.
නිරෝෂන් දික්වැල්ල (41) හා උපුල් තරංග (57) එක්ව හොඳ ආරම්භයක් ලබාදීමට සමත්වුවද ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරුවන් අසාර්ථකවීම පරාජයට හේතුවිය.
ලංකා පිතිකරුවෝ දඟ පන්දුවට දුර්වල බව නැවත සනාථ කරයි
ඉම්රාන් තහීර් ලකුණු 27කට ශ්‍රී ලංකා කඩුලු 4ක් දවාගත් අතර ඒ අනුව ශ්‍රී ලංකා පිතිකරුවන් දඟපන්දුවට දුර්වල බව නැවතවරක් සනාථ කළේය.
දකුණු අප්‍රිකාව වෙනුවෙන් හසීම් අම්ලා ශතකයක් රැස් කිරීමට සමත් විය.
ඡායාරූපය - ක්‍රික්ඉන්ෆෝ
ලංකාවට ලකුණු 96ක පරාජයක් !
2017-06-04T08:27:00+05:30
Lanka Hot News
cricket|