ශූරයන්ගේ කුසලාන බී කාණ්ඩය යටතේ පැවැති දකුණු අප්‍රිකාව හා පාකිස්තානය අතර තරගයට වර්ෂාව බාධා කිරීම නිසා පාකිස්තානයට ඩක්වත් ලුවිස් ක්‍රමයට අනුව ලකුණු 19ක ජයක් හිමිවිය.
මේ අනුව ශ්‍රී ලංකා පිලද තරග වදින බී කාණ්ඩයේ සිටින කණ්ඩායම් හතරෙන් ශ්‍රී ලංකාව හැර අනෙක් සියලු කණ්ඩායම් එක් තරගය බැගින් ජය ගෙන තිබේ.
මුලින්ම පන්දුවට පරදුන් දකුණු අප්‍රිකානු පිතිකරුවන් ලකුණු 219කට සීමා කිරීමට පාකිස්තානු පන්දු යවන්නෝ සමත්වූහ.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානු ඉනිමේ 27 වැනි පන්දු වාරයේදී වර්ෂාව පතිතවූ අතර ඉන් පසුව තරගය පැවැත්වීමට නොහැකි විය. ඒ වන විට පාකිස්තානය කඩුලු 3කට ලකුණු 119ක් රැස්කරගෙන සිටියේය.
ඩක්වත් ලුවිස් පාකිස්තානය දිනවයි
2017-06-08T10:02:00+05:30
Gossip Lanka Hot News