gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කුණු බැහැර කරන ඒවායින් පගා ,කොමිස් ගහන නිලධාරීන් ගහලා පැන්නුවත් මදි

ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ මීතොටමුල්ල කසල කන්දේ සිදුවීම හේතුවෙන් ජීවිත අහිමි වූවන් වෙනුවෙන් රජය ගෙවීමට නියමිත වන්දි මුදලට අමතරව මන්ත්‍රීවරයාගේ ඉල්ලීම පරිදි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශ කබීර් හෂිම් මැතිතුමාගේ අමාත්‍යාංශය මගින් ලබා දුන් රුපියල් ලක්ෂ 50 ක් වූ මුදලක් මියගිය අයගේ පවුල් අතර පෙරේදා දින බෙදා දීමේ උත්සවයකට එක්වෙමින්ය.

අපි බලාපොරොත්තු වුණු දෙයක් නෙමෙයි සිදු වුනේ. අපි සටන් කළේ කසල කන්ද ඉවත් කරලා. ස්වභාවික පරිසරයක් සහිතව හොද ජීවිතයක් ගත කරන්න. මේක ස්වභාවික ව්‍යසනයක්වත්, අත්වැරදීමක් වත් නෙමෙයි. ඉතා පැහැදිලිව කියන්න ඕනේ පසුගිය රජයේත් වර්තමාන රජයේත් තීන්දු තීරණ ගැනීමේ ප්‍රමාදයන් නිසා කසළ කන්දට යටවී අපේ සහෝදර සහෝදරියන් මිය ගියා. දැන් කවුරුවත් මීතොටමුල්ල ගැන කතා කරන්නෙත් නෑ. එක්කෙනෙක්
කදුළු සලන්නෙත් නෑ. අපිට අතීත පාඩම් වලින් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. මේ මියගිය ජනතාව වෙනුවෙන් කරන්න තියෙන ලොකුම ගෞරවය තමයි මේ කසල කන්ද ප්‍රතිචක්‍රීකරණය කරලා මේ ස්ථානය ආර්ථික කේන්ද්‍රස්තානයක් බවට පත් කරන එකයි. එතකොට තමයි රටට සමාජයට වැඩක් කළායි කියන ආදර්ශය ලබාදිය හැක්කේ.  මීතොටමුල්ල කුණු කන්ද කඩන් වැටුණාම  මහරගම, කෝට්ටේ, කඩුවෙල කුණු කදු එනවා පාරවල් දිගේ, කුණු කන්ද කඩන් වැටුන මීතොටමුල්ලට කුණු දැම්මේ කොළඹ නගර සභාවයි කොළොන්නාව නගර සභාවයි විතරයි. ඒ නිසා මහරගම කෝට්ටේ කුණු කදු ගොඩ ගැහුනේ කොහොමද කියලා දැන් තමයි අපිට වැටහෙන්නේ ඒවායිනුත් මීතොටමුල්ලට කුණු ඇවිත් කියලා.

මීතොටමුල්ල ජනතාව 32 ක් ජීවිත ජූජා කරලත් තවමත් කැලිකසල බැහැර කිරීමෙන් හොරකම් කරන පගා ගහන තුට්ටු දෙකේ නිලධාරීන්ට මේ ජනතාවගේ දුක තේරෙන්නේ නැතිනම් මේගොල්ලෝ ගහලා පැන්නුවත් මදි කියලා කියන්න ඕනේ. ඒ නිසා ජනාධිපතිතුමාගෙනුත් ඇතුළු ආණ්ඩුවෙන් ඉල්ලනවා මේවා සම්බන්ධවත් ආණ්ඩුව කොන්ද පණ ඇතිව තීරණ ගන්න යැයි පැවසීය.

මෙහෙදී කසල කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ කීර්තිරත්න පෙරේරා මහතා සිදු කරන ලද කතාව සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා දක්වන ලද අදහස් පහත දක්වා ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka