gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කැත වැඩක් කරපු හිමිනමක් ජංගම දුරකථනයෙන් මාට්ටු

ත්‍රී රෝද රථයක් ධාවනය කරමින් සිටියදී හෙළකින් පහළට පෙරළී මියගිය පුද්ගලයෙකු පිළිබඳ රහසක් හෙළිවීමේ පුවතක් උඩුපුස්සැල්ලාව පොලිසියෙන් වාර්තා වනවා.

ඒ ඔහුගේ ජංගම දුරකතනයට ආ ඇමතුම් කිහිපයක් පරික්ෂා කිරීමේදීයි.

එම පුද්ගලයා අනියම් බිරියගේ නිවසට පැමිණ එම නිවසේ තිබුණු ත්‍රී රෝද රථයක් ධාවන කරන අතරතුර මෙම අනතුර සිදුව තිබුණා.


පසුගිය (17) වන දින උඩපුස්සැල්ලාව, සූරියගහපතන ප්‍රදේශයේදී සිදුවූ අනතුරින් මෙලෙස මියගොස් තිබුණේ හම්බන්තොට සිට පැමිණ සිටි සමන් ප්‍රසන්ජිත් නමැති 51 හැවිරිදි පුද්ගලයෙකු බවයි වාර්තවුණේ.

ඔහු එම නිවෙසට පැමිණි පසු සිය ගමන් බෑගය කබඩ් එකකට දමා යතුර රැගෙන යාමට පුරුදු වී ඇති බවත් ඔහු අනතුරින් මියගිය පසු එම කබඩ් එක කඩා බෑගය එළියට ගන්නා විට එහි ජංගම දුරකතනයක් ද තිබී ඇති බවත් පැවසෙනවා.

එම දුරකතනයට ලැබුණු ඇමැතුම්වලට පොලිසිය විසින් ප්‍රතිචාර දක්වන විට හැම ඇමැතුමකින්ම වාගේ කතාව ආරම්භ කොට ඇත්තේ "අපේ හාමුදුරුවනේ" යනුවෙනුයි.

පසුව කළ සොයා බැලීමකදී මොහු පැවිදි අයකු බව සඟවාගෙන ගිහි ඇඳුමින් සැරසී අදාල නිවෙසට පැමිණ ඇති බවයි හෙළිවී තිබෙන්නේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka