මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ඉකුත්දා දිවුරුම් දුන් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (31) එම අමාත්‍යංශයේදී රාජකාරි ආරම්භ කල අවස්ථාවට එක් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, '' මම බොහොම විවෘතව කියන්න ඕනේ මහින්ද අමරවීර ඇමතිතුමාට මම තවත් අමාත්‍ය ධූරයක් දුන්නේ එතුමාව දකුණේ වඩාත් ශක්තිමත් නායකයෙක් කරන්න ඕනේ නිසා " යයි කියා සිටියේය.
එහිදී අමාත්‍ය මණ්ඩල සංශෝධනය පිළිබඳ අදහස් පල කළා ජනාධිපතිවරයා, අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදු කළේ රජයේ වැඩපිළිවෙල ගැන ජනතාව තුළ විශ්වාසයක් ඇති කිරීමට බව කියා සිටියේය.
මහින්ද අමරවීර අමාත්‍යවරයාට තවත් රාජ්‍ය අමාත්‍ය ධුරයක් ලබා දීමට හේතු වූ කරුණු පිළිබඳව ද ජනාධිපතිවරයා මෙසේ සඳහන් කළේය.
""මහින්ද අමරවීර ඇමතිතුමා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්වරයා. ඒ වගේම ධීවර සහ ජලජ සම්පත් කැබිනට් ඇමතිවරයා. කෙනෙක් හිතන්න පුළුවන් මේ තනතුරු දෙකම තිබියදී තවත් රාජ්‍ය අමාත්‍ය ධූරයක් එතුමාට දුන්නේ ඇයි කියලා. මම බොහොම විවෘතව කියන්න ඕනේ මහින්ද අමරවීර ඇමතිතුමාට මම එහෙම ධූරයක් දුන්නේ දකුණේ එතුමාව වඩාත් ශක්තිමත් නායකයෙක් කරන්න ඕනේ නිසා කියලා."
රටට තවත් නායකයන් උවමනා බවත් ඊළග සුදුස්සාට පාර කපා දිය යුතු බවත් පැවසු ජනාධිපතිවරයා, අමරවීර මහතා ඉදිරියේදී දකුණෙන් ඉදිරියට එන තවත් ශක්තිමත් නායකයෙක් වේවා යයි තමන් ප්‍රාර්ථනා කරන බවද වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, දුමින්ද දිසානායක, ෆයිසර් මුස්තාපා යන ඇමතිවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියේය.
මහින්දව දකුණේ නායකයෙක් කරන්න මෛත්‍රීගේ සැලසුමක්
2017-06-01T15:05:00+05:30
Gossip Lanka Hot News