gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දරු ගැබ විනාශ කිරීමට ගිය 'ලංකාවේ ඇයට' කුවේට් පොලීසිය කළ දේ

අවිවාහකව ගැබ් ගෙන සිටි  ශ්‍රී ලාංකික කාන්තාවක් නීතිවිරෝධී ලෙස සිය දරු ගැබ විනාශ කර ගැනීමට උත්සාහ කිරීම හා ඉන් මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුවේට් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග පවසනවා.

පසුගිය සති අන්තයේදී මෙම ලාංකික කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කුවේටයේ ගෘහසේවිකාවක වශයෙන් සේවය කළ  ඇය කලක් තිස්සේ එරට  සේවය කරනු ලැබූ අයෙක් බැව් පැවසෙනවා.

ජොර්දාන ජාතික හාම්පුතෙකුගේ නිවසක ගෘහසේවයේ නිරත වී සිටි මෙම අවිවාහක කත ඉකුත් 08 වැනිදා එම හාම්පුතුගේ නිවසේ නානා කාමරයක් තුළඳී දරුවෙකු ප්‍රසූත කිරීමට උත්සාහ කර ඇති නමුත්  බියට පත්ව  උදව් ඉල්ලා කෑ ගසා තිබෙනවා.

සිය ගෘහසේවිකාව මර හඩදී කෑගසන අයුරු ඇසී බියට පත් ජෝර්දාන හාම්පුතා විසින් ඒ බව කුවේට් වෛද්‍ය සේවා හදිසි ඇමතුම් සේවයට දැනුම් දී  ඉන්පසු වෛද්‍ය සේවා නිලධාරීන් විසින් එම ලාංකික ගෘහසේවිකාව එරට මුබාරක් රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඇයගේ හාම්පුතු විසින් පොලීසියට දන්වා ඇත්තේ ඇය අවිවාහක අයෙකු වන බවයි.

අවිවාහකව සිටියදී නීතිවිරෝධී ලෙස සිය දරු ගැබ විනාශ කර ගැනීමට උත්සාහ කිරීම හා ඉන් මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ චෝදනාව යටතේ මෙම ලාංකික ගෘහසේවිකාවට එරෙහිව කුවේට පොලීසිය විසින් එරට අධිකරණය හමුවේ නඩුවක් පැවරීමටද පියවර ගෙන ඇතැයි කුවේට් තානාපති ආරංචි මාර්ග පවසනවා.

කුවේටයේ පවතින  නීතිය යටතේ අවිවාහක ගැබ් ගැනීම දඩුවම් ලැබිය හැකි වරදක් වනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka