gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පැරිස් සම්මුතිය :ඇමරිකාව ඉවත් වීම ශ්‍රී ලංකාවට කෙසේ බලපායිද?

දේශගුණික විපර්යාස පිළිබඳ පැරිස් සම්මුතියෙන් ඉවත් වීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණය හෙළා දකිමින් ලොව පුරා නායකයෝ ප්‍රකාශ නිකුත් කරමින් සිටිති.

දේශගුණික විපර්යාස අවම කොට ඒවායේ බලපෑම්වලට මුහුණ දීම සඳහා කටයුතු කිරීම 2015 වසරේ ඇති කර ගත් පැරිස් සම්මුතියේ ප්‍රධාන අරමුණයි.

දේශගුණ විපර්යාසවලට බලපාන හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සඳහා සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් තමන්ට හැකි අයුරින් කටයුතු කරන බවට එහිදී එකඟ විය.

ඒ අනුව ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 2 ට අඩු මට්ටමක පවත්වා ගැනීමට ඇමෙරිකාව ඇතුළු රටවල් 187 ක් එකඟ වී සිටියහ.
පැරිස් සම්මුතියෙන් ඉවත් වීම පිළිබඳ අදහස් දක්වමින් ඇමරිකානු ජනාධිපතිවරයා කියා සිටියේ ගිවිසුම තුළින් ඇමරිකානු ජනතාවට අවාසිසහගත තත්ත්වයක් ඇති වන බවය.

ලොව ප්‍රධාන කාර්මික රටක් වන ඇමරිකාව අදාළ ගිවිසුමෙන් ඉවත් වීමත් සමග ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවලට බලපෑමක් එල්ල වේද?

පැරිස් ගිවිසුමෙන් ඉවත් වෙනවා-ජනාධිපති ට්‍රම්ප්
පැරිස් සම්මුතියට අනුව, දේශගුණික විපර්යාස නිසා ඇති වන බලපෑම අවම කර ගැනීම සඳහා ආධාර කළ යුතු රටවල් අතර ඇමරිකාව ද සිටින බව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ දේශගුණික විපර්යාස ලේකම් කාර්යාලයීය අධ්‍යක්ෂ ආචාර්ය සිරිනිමල් ජයතුංග පවසයි.
ශ්‍රී ලංකාවට පමණක් නොව සංවර්ධනය වෙමින් පවතින සෙසු රටවලට ද මූල්‍යාධාර ලබා දිය යුතු රටක් එම වගකීමෙන් බැහැර වීමත් සමග දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ලැබෙන ආධාර මුදල් අඩු විය හැකි බවට ඔහු අනතුරු අඟවයි.
"විශේෂයෙන්ම හරිත අරමුදල සඳහා මුදල් ලබා දීමේ වගකීමට බැඳී සිටි රටක්. ඒ නිසා දේශගුණික හරිත අරමුදල සඳහා ඇමරිකා එක්සත් ජනපදය සැපයීමට එකඟ වී තිබූ මුදල් නොලැබීම සංවර්ධනය වෙමින් පවතින රටවල දේශගුණ විපර්යාස පිළිබඳ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ලැබෙන මූල්‍යාධාර අඩු වීමට හේතු වෙනවා" යනුවෙන් ඔහු කියා සිටියේ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමිනි.
දේශගුණික විපර්යාස සම්මුතියට අනුව එහි අනුවර්තන අරමුදලින් ශ්‍රී ලංකාව තුළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ඇමරිකානු ඩොලර් ලක්ෂ 79 ක ආධාර මුදල් ලැබී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
එමෙන්ම සම්මුතිය යටතේ මූල්‍යාධාර ලබා දිය යුතු රටවල් දේශගුණ හරිත අරමුදල සඳහා ද මුදල් ලබා දෙන බව කී ආචාර්ය සිරිනිමල් ජයතුංග ඒ ඔස්සේ ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 38.1 ක මුදලක් ලබා දීමට අනුමත වී ඇති බව පැවසීය.
ගංවතුර
දේශගුණික විපර්යාස හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ ද ආන්තික කාලගුණික තත්ත්ව හඳුනා ගෙන ඇති බව කී ඔහු දීර්ඝ කාලයක් පවතින නියං තත්ත්ව සහ අධික වර්ෂාව හමුවේ ඇතිවන ක්ෂණික ගංවතුර තත්ත්ව දැකිය හැකි බවත් පෙන්වා දෙයි.
"විශේෂයෙන් ගිය වසරේ මැයි මාසයේත් ලංකාව මේ වගේ අත්දැකීමකට මුහුණ දුන්නා. ලංකාවේ වියලි කලාපයේ දිගු කාලීන නියං තත්වයක් දැනට ඇති වෙමින් තිබෙනවා. කෙසේ නමුත් දේශගුණික විපර්යාසයක් කියන්නේ අවුරුදු තිහක වගේ කාලයක සාමාන්‍යයක්" යනුවෙන් දේශගුණික විපර්යාස ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ආචාර්ය සිරිනිමල් ජයතුංග වැඩිදුරටත් කියා සිටියේය.
(බීබීසී සිංහල සේවය)
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka