gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලන්ඩන් පාලම මතදී 'ත්‍රස්ත ප්‍රහාරයක්' : කිහිප දෙනෙකු මරුට

මධ්‍යම ලන්ඩනයේදී වෑන් රියක් පදිකයින් වෙතට ධාවනය කිරීම මෙන්ම පිහිපහර එල්ල කිරීම යන සිදුවීම්වලදී එක් අයෙකුට වැඩි මරණ ගණනක් වාර්තාවන බව පොලිසිය පවසයි.
වෑන් රිය පදිකයින් හා ගැටීම මධ්‍යම ලන්ඩනයේ පිහිටි ලන්ඩන් පාලම මතදී සිදුවූ අතර ඊට ආසන්න බොරෝ මාකට් ප්‍රදේශයේදී පිහි පහර එල්ල කිරීම් මෙන්ම වොක්ෂෝල් ප්‍රදේශයේදී තවත් කිසියම් සිදුවීමක් වාර්තාවී ඇති අතර ඒ වෙත සිය නිලධාරීන් යවා ඇති බව පොලිසිය සඳහන් කළේය.
මතුවී ඇති තත්ත්වය මත ලන්ඩන් පාලම හරහා දෙපසට ගමනාගමනය අත්හිටුවා ඇති බව ලන්ඩන් ප්‍රවාහන බලධාරීහු පවසති.
පිරිමි අයෙකු විසින් පදවන ලද වෑන් රිය "බොහෝවිට පැයට සැතපුම් 50ක පමණ වේගයකින් ධාවනය වුණා" යැයි සිද්ධියවන අවස්ථාවේදී ලන්ඩන් පාලම මත සිටි බීබීසී වාර්තාකරිනියකවන හෝලි ජෝන්ස් ප්‍රකාශ කරයි.
ඇය වැඩි දුරටත් සඳහන් කළේ, "වෑන් රිය මා වටින් කරකැවී ගොස් පස් දෙනෙකු හෝ හයදෙනෙකු හැප්පුවා. මගේ ඉස්සරහා දෙන්නෙක් හප්පුනාට පස්සේ තවත් තුන් දෙනෙක් පසුපසදී හැප්පුනා." යනුවෙනි.
වෑන් රථය පදික වේදිකාව මතින් ගොස් මිනිසුන්ගේ ගැටීම හේතුවෙන් තුවාල ලැබූ පිරිසකට ප්‍රතිකාර කෙරෙන අතර ඉන් සිව් දෙනෙකුට බරපතල තුවාල සිදුවී ඇති බව ඇය කියා සිටියාය.
ඇය වැඩිදුරටත් කියා සිටියේ මේ සිදුවීමෙන් පසු කිසියම් පුද්ගලයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලබා ඇති අයුරු දුටු බවය.

වෑන් රථය පදික වේදිකාව මතින් ගොස් මිනිසුන්ගේ ගැටීම හේතුවෙන් තුවාල ලැබූ පිරිසකට ප්‍රතිකාර කෙරෙන අතර ඉන් සිව් දෙනෙකුට බරපතල තුවාල සිදුවී ඇති බව ඇය කියා සිටියාය.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka