චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්ථානය සමඟ ඊයේ (12) පැවති තරඟය ශ්‍රීලංකා කණ්ඩායම කඩුලු 03කින් පරාජයට පත්වුණේ තිබු අවස්ථාවන් ලබා නොගැනීම නිසා.
පෙරේදා මාලිංග යැවූ පන්දු හමුවේ පකිස්ථාන ක්‍රීඩකයන් ලබාදුන් උඩපන්දු 03ක් ගිලිහී ගියේ චැම්පියන්ස් කුසලාන තරඟ ඉතිහාසයේ ලසිත් මාලිංගට වාර්තාවක් පිහිටුවීමට තිබූ අවස්ථාව අහිමි කරමින්.
මේ වන විට චැම්පියන්ස් කුසලාන තරඟ ඉතිහාසය තුල වැඩිම කඩුලු ලාභියා ලෙස නවසීලන්ත ක්‍රීඩක කයිල්ස් මිල්ස් පෙරමුණේ පසුවන අතර එම සටහනේ දෙවන ස්ථානයේ පසුවන්නේ ශ්‍රීලංකා කණ්ඩායමේ ලසිත් මාලිංගයි.
තරඟ 15කට සහභාගී වෙමින් කයිල්ස් මිල්ස් කඩුලු 28ක් ලබාගත්තත් ලසිත් මාලිංග තරඟ 16කට සහභාගිවී දවාගෙන සිටින කඩුලු සංඛ්‍යාව 25ක්.
මේ අනුව මාලිංග හට කයිල්ස් මිල්ස් සම කිරීමට අවශ්‍ය තිබුනේ කඩුලු 03ක් පමණයි.
කාටත් රහසේ ලසිත් මාලිංගට යළි කිසි දවසක නොලැබෙන දෙයක් අහිමි වෙයි
2017-06-14T10:00:00+05:30
Gossip Lanka Hot News









