gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කොළොන්නාවට තෙල් රැගෙන යන නලය පිපිරී බොරතෙල් මුහුදට

කොලොන්නාවට තෙල් තොග ගබඩා පර්යන්තය වෙත බොරතෙල් ප්‍රවාහනය කරන නලයේ සිදුවු තෙල් කාන්දුව නිසා හටගත් අවදානම් තත්ත්වය මේ වනවිට පාලනය කර ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා.

කොළඹ වරාය ආසන්න මුහුදේ සිට දිවෙන මෙම නලයේ පිපිරීමක් ඊයේ පස්වරුවේ වාර්තා වූ අතර, ඒ හේතුවෙන් මෙම තෙල් කාන්දු වීම සිදුවුණා.
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති විශ්‍රාමික රියර් අද්මිරාල් රෝහණ පෙරේරා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මුහුදේ පවතින රළු තත්ත්වය මීට හේතු වන්නට ඇති බවයි.

මේ හේතුවෙන් බොරතෙල් මෙට්රික් ටොන් 25 ක් පමණ මුහුදට මුසු වන්නට ඇති බවට විශ්වාස කෙරෙන බවයි ඔහු කියා සිටියේ.

මුහුදේ පවතින රළු තත්ත්වය නිසා එය අළුත්වැඩියා කිරීම අපහසු වී ඇති නමුත්, තෙල් කාන්දුව මේ වනවිට පාලනය කර ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති විශ්‍රාමික රියර් අද්මිරාල් රෝහණ පෙරේරා සඳහන් කළා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka