ශ්‍රී ලංකාවේ නිවෙස්‌වලට නළ මාර්ග ඔස්‌සේ ගෑස් සැපයීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ඉන්දියාවේ පෙට්‌ට්‍රොaනෙට් ගෑස් නිෂ්පාදන සමාගම තීරණය කර ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.නළ මාර්ගයෙන් ගෑස් සපයන මෙරට පළමු පරිසර හිතකාමී ව්‍යාපෘතිය මෙය වනු ඇතැයි ද කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
පෙට්‌ට්‍රොනෙට් සමාගම ඉන්දියාවේ විශාලතම ගෑස් නිෂ්පාදන සමාගමක් වන බව ද අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.
කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ ඇමැති රිෂාඩ් බද්යුදීන් සහ පෙට්‌ට්‍රොනෙට් ගෑස් සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ මනික් ජාම්බේ යන මහත්වරුන් විසින් මෙම ව්‍යාපෘතිය පිළිබඳව මූලික සාකච්ඡාවක් ද පවත්වා තිබේ.
නිවාසවලට ළඟදීම නළ ඔස්‌සේ ගෑස්
2017-06-05T13:06:00+05:30
Gossip Lanka Hot News