gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

Facebook ඔස්සේ ළමා අපයෝජන වාර්තාගත ලෙස ඉහළට

Facebook සාමාජ මාධ්‍ය ජාලය භාවිතයේදී ළමයින් අපයෝජනයට ලක්වූ සිද්ධි වාර්තා ගත ලෙස ඉහළ ගොස් තිබෙන බව ජාතික ළමාරක්ෂණ අධිකාරිය පවසයි.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කළේ, එවැනි සිද්ධි පිළිබඳව පැමිණිලි 67 ක් වසරේ ගතවූ කාලය තුළ වාර්තා වී ඇති බවයි. පසුගිය වසරේ වාර්තා වී ඇත්තේ එවැනි සිද්ධි 54 ක් පමණි.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කළේ, මෙම සියලු පැමිණිලි
සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකර අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ය. මීට අමතරව Facebook ඔස්සේ සිදුවූ විවිධ අපයෝජන සිද්ධි සම්බන්ධයෙන් 221 ක් දෙනෙකුට අවශ්‍ය උපදෙස් ලබා දුන් බව ද ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති නීතිඥ මරිනි ද ලිවේරා මහත්මිය පවසයි.

ඇය පැවසුවේ, මෙවැනි සිද්ධි වළක්වා ගැනීම සඳහා ළමයින්, ගුරුවරුන් හා මව්පියන් දැනුවත් කිරීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් මේ වන විට ක්‍රියාත්මක බවයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka