gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අම්මයි දුවයි ඇතුලේ ඉද්දී අලියෙක් කාරය මතට ඇද වැටේ

අනුරාධපුර පාදෙනිය ප්‍රධාන මාර්ගයේ තලාව, මොරගොඩ, තේක්ක රක්ෂිතය ඉදිරිපිටදී  ඊයේ(12) අළුයම 05.40 ට පමණ සිදුවූ අනතුරෙන් මෝටර් රථයක් මාර්ගය හරහා ගිය වන අලියෙකුගේ ගැටී වන අලියා මෝටර් රථය මතට ඇද වැටී අනතුරක් සිදුව තිබෙනවා.

පාසල් ගුරුවරියක වන හත් මස් ගැබිණියක් පැදවූ මෝටර් රථයක් මෙසේ අනතුරට පත්ව ඇති බවයි තලාව පොලිසිය පැවසුවේ. මෝටර් රථයේ ගමන්කල තුන් හැවිරිදි දැරියක් සුළු තුවාල ලබා අද අළුයම ප්‍රතිකාර සදහා තලාව රජයේ රෝහලට ඇතුලත්කර තිබෙනවා.


ගල්නෑව මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරියක් වශයෙන් සේවයේ නිරත අනුරාධපුර නව නගරයේ පදිංචිඩබ්.එස්.වික්‍රමසිංහ (33) හා ඇගේ තුන් හැවිරිදි දියණිය අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථය තුළ සිට තිබෙනවා.

මෝටර් රථයේ ගැටී ඒමතට අඩි දහයක් පමණ උසින් යුතු වන අලියා ඇද වැටීම නිසා කුඩා මෝටර් රථයට බරපතල අලාභ හානී සිදුවි තිබෙනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka