gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගල්ගමුවේ හරක් හොරු අල්ලපු හැටි මෙන්න - Photos

ගල්ගමුව ඇතුළු ප්‍රදේශ කිහිපයක් පුරා ගවයින් සොරකම් කිරීමේ ජාවාරමක නිරතව සිටි පුද්ගලයින් තිදෙනෙක් සහ ඒ සදහා යොදා ගන්නා ලද සුඛෝපභෝගී වෑන් රථයක් පසුගියදා (11) අඹන්පොල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අඹන්පොල, සිංහාරගම ප්‍රදේශයේ ඇති වාහන අලුත්වැඩියා කිරීමේ ස්ථානයකට පැමිණ තිබූ අදාල වෑන් රථයේ ගොම තිබීම හේතුවෙන් එම වෑන් රථය පිළිබදව පොලිස් හදිසි දුරකථන අංකය ඔස්සේ ලබා දුන් තොරතුරකට අනුව අදාල වෑන් රථය පොලිසිය භාරයට ගෙන ඇති බව සදහන්.
පසුව කරන ලද පරීක්ෂණවලදී ඊට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙක් ද කොටු කර ගැනීමට හැකිව තිබේනවා.

අදාල පුද්ගලයින් විසින් කාලයක් තිස්සේ මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති අතර විවිධ ප්‍රදේශවලින් කුලී පදනම මත ලබා ගන්නා වාහන මගින් මෙලෙස ගවයින් ප්‍රවාහනය කිරීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගන්නා ලද මෙම වාහනය නුවර ප්‍රදේශයේ වාහන කුලියට ලබා දෙන ස්ථානයකින් ලබාගෙන ඇති බවට පොලීසිය කරුණු අනාවරණය කරගෙන තිබෙනවා.

ගල්ගමුව ඇතුළු ප්‍රදේශ කිහිපයකින් සොරා ගන්නා ලද ගවයින් මාතලේ, යටවත්ත ප්‍රදේශයට රැගෙන ගොස් ඝාතනය කර මස් පිණිස අලෙවි කරන අතර යටවත්ත ප්‍රදේශයේ ඇති ගව ඝාතකාගාරයේ තිබූ ගවයින් 14 දෙනෙකුට අයත් සම්, ඇටකටු, හිස් කබල් ආදිය පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇති බවයි අප වාර්තාකරු සදහන්කළේ.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනාගෙන් ප්‍රධාන සැකකරු මහව, රන්දෙණිගම ප්‍රදේශයේ පදිංචි අයෙක් බවත්, අනෙක් සැකකරුවන් දෙදෙනා මීගලෑව, උස්ගල සියඹලන්ගමුව, වීරගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් පොලිසිය පවසනවා.

පසුගිය කාලයේදී ගල්ගමුව හා ඒ ආසන්න ප්‍රදේශ කිහිපයක් පුරා සිදු වූ ගව ඝාතන හා සොරාගැනීමේ සිදුවීම්වලටද මෙම් සැකකරුවන් සම්බන්ධ බවට පොලිස් නිලධාරීන් විසින් කරුණු තහවුරු කරගෙන ඇති අතර සැකකකරුවන් ඊයේ (12) ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ බවයි වාර්තා වන්නේ.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

ඡායාරූප පහතින්..
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka