ප්‍රධාන මාර්ගයේ අඹේපුස්ස හා අලව්ව අතර දුම්රිය මාර්ගයේ බොක්කුව කැඩීයාම පරික්ෂා කර බලා පිලිසකර කිරීම ගොස් සිටි සේවකයන් පස්දෙනෙකු එම ස්ථානයේ තිබු බෝක්කුවේ කොටසක් කැඩී එම ස්ථානයේම වැටීම නිසා අනතුරකට ලක්ව තිබේ.
මේ වනවිට එම සේවකයින් රෝහල් ගත කොට ඇත. ඉන් බරපතල තත්ත්වයේ පසුවන දෙදෙනෙක් කුරුණෑගල රෝහලටත් තිදෙනෙක් අලව්ව රෝහලටත් ඇතුළත් කොට ඇත.








