gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජාතික රෝහලේ හෘද සැත්කම් පෝලිමේ පන්දහසක්.. දිනය වසර හතරක් ඈතට.. වැඩි පිරිස මිය යන අවදානමක...

කොළඹ ජාතික රෝහලේ (CNTH) පමණක් හෘද සැත්කම් සඳහා වූ පොරොත්තු ලේඛනයේ රෝගීන් පන්දහසකට (5,000) ආසන්න සංඛ්‍යාවක් සිටින බවත්, එම රෝගීන්ගේ ශල්‍යකර්ම සඳහා අපේක්ෂිත දිනය වසර හතරක (4) දීර්ඝ කාලයක් දක්වා විහිදෙන බවත් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා විසින් හෙළිදරව් කර ඇත.

තොරතුරු දැනගැනීමේ පනත (RTI) යටතේ කොළඹ ජාතික රෝහලෙන් ලබාගත් දත්ත මත පදනම්ව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා විසින් මෙම අනාවරණය සිදුකර ඇත. කොළඹ ජාතික රෝහලේ හෘද සැත්කම් වාට්ටු පහක (5) පොරොත්තු ලේඛනවල සිටින රෝගීන් සංඛ්‍යාව පිළිවෙලින් 600, 756, 2400, 400 සහ 761 ලෙස වාර්තා වන අතර, මෙම රෝගීන් සඳහා ශල්‍යකර්මය අපේක්ෂිත උපරිම කාලසීමාව වසර හතරක් බවත් ඔහු පෙන්වා දෙයි.

විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙන ආකාරයට, හදිසි හෘද සැත්කම් බලාපොරොත්තුවෙන් සිටින අඩු ආදායම්ලාභී පවුල්වල විශාල රෝගීන් සංඛ්‍යාවක් මෙලෙස දීර්ඝ පොරොත්තු ලේඛනවල රැඳී සිටීමෙන් දැඩි අවදානමකට ලක්ව ඇත.

පෞද්ගලික අංශයේ ශල්‍යකර්මයක් සඳහා අවම වශයෙන් රුපියල් ලක්ෂ විස්සකට (රු. 2,000,000) ආසන්න මුදලක් වැය වන බැවින්, රාජ්‍ය අංශයේ ශල්‍යකර්ම දිනය පැමිණෙන විට මෙම රෝගීන් මිය යාමේ සම්භාවිතාව ඉතා ඉහළ අගයක් විය හැකි බව ඔහු අවධාරණය කරයි.

මෙවර අයවැයෙන් හෝ ජනාධිපති අරමුදලෙන් හෝ මෙම රෝගීන්ට විශේෂ ප්‍රතිලාභ වෙන් කිරීමට අසමත්ව ඇති බව ඔහු සඳහන් කරයි.

රජය බලයට පත් වූ වහාම ජනාධිපති අරමුදලෙන් මෙම විශේෂ ශල්‍යකර්ම අවශ්‍ය කරන රෝගීන්ට ප්‍රතිලාභ ලබාදීමේ වැඩසටහන දිරිමත් කිරීම සඳහා ලබාදුන් පොරොන්දුව වහාම ක්‍රියාත්මක කරන ලෙස ඔහු රජයට බල කර සිටී.

කොළඹ ජාතික රෝහල ආශ්‍රිතව හෘද සැත්කම් සඳහා තට්ටු දහසයක (16) ගොඩනැගිල්ලක් ඉදිකිරීමට වර්තමාන රජය යෝජනා කර ඇති නමුත්, ඒ සඳහා මූලික කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන දෙසීයක් (රු. 200,000,000) වැනි සුළු මුදලක් පමණක් වෙන් කර තිබීම ප්‍රායෝගික නොවන බවද විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙයි.

කොළඹ ජාතික රෝහලට අමතරව, මහනුවර, කරාපිටිය, මඩකලපුව, අනුරාධපුර ඇතුළු දිවයිනේ හෘද සැත්කම් සිදුකරන රෝහල් රැසක හෘද සැත්කම් පොරොත්තු ලේඛනවල තවත් දහස් ගණනක් රෝගීන් සිටින බව වාර්තා වේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka