කුමන ආකාරයක මර්දනයක් ආවත් ලැබෙන පළමු මොහොතේම ආණ්ඩුව ගෙදර යැවීමට කටයුතු කරන බව සර්වජන බලයේ පත් කළ මන්ත්‍රි දිලිත් ජයවීර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (18) පැවසීය.
ආරක්ෂක සහ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු යන අමාත්‍යාංශ වැය ශීර්ෂයන් සම්බන්ධ කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් මේ බව කී මන්ත්‍රිවරයා මෙසේද කීවේය.
“අද කළ තුච්ඡ වැඩේ. සීතාවක නගර සභාවේ අපේ හිටපු මන්ත්‍රිවරයා චන්දන මුදුන්කොටුව අහිංසක දුප්පත් මනුස්සයෙක්. ඒ මනුස්සයා සල්ලිවලට අරගෙන සීතාවක නගර සභාව හැදුවා. දේශපාලනය කවදාවත් මේ තත්ත්වයට පත්වෙලා තිබුණෙ නැහැ. මම අද කියනවා. හීන් සැරය කියවන්න. අලියට කටුස්සගෙන් වුණ දේ කියවන්න. කුඩා පක්ෂයක් හැටියට දේශපාලනයට ආවට අපි දේශපාලනයේ ඉන්නේ විශාල ආත්ම ශක්තියකින්. අපි විශාල දර්ශනයක් තියෙන පක්ෂයක්. මේ රටට අවංක ආදරයකින් ඉන්නෙ. මේ වගේ බලු වැඩ කරන දේශපාලනයක් මේ ආණ්ඩුවෙන් අපි කවදාවත් අපේක්ෂා කළේ නැහැ. මිනිසුන් ඡන්දය දුන්නේ මාලිමාවට නෙමෙයි. ඒ වෙලාවෙ තිබුණු දේශපාලන සංස්කෘතිය අවසන් කළ යුතුයි කියන පැතුම නිසා. අද මොකක්ද කරන්නේ. ගිය සති අන්තයෙත් මම එතුමත් එක්ක හිටියෙ. තුන්වරක් පැරදුණු සීතාවක නගර සභාව මේ වගේ තුට්ටු දෙකේ වැඩ කරන ආණ්ඩුවක් අද තියෙන්නෙ. මේක ද ප්‍රජාතන්ත්‍රවාදය. නිර්මල දේශපාලනය කියාගෙන ඇවිල්ලා කරන වෙනස මේකද. කොයි මර්දනය ආවත් තව තවත් ජවය වැඩි කරලා මේ මාලිමා ආණ්ඩුව ලැබෙන පළවෙනි මොහොතෙම ගෙදර යවන්න කටයුතු කරනවා. ඒ සඳහා කළහැකි හැම කැප කිරීමක්ම කරනවා. සටහන් කරලා තියාගන්න.”








