gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජනාධිපතිතුමාගේ ජපන් කතාව අහලා මං පුදුම වුණා… ප්‍රොෆෙසර් කෙනෙකුටත් බෑ කොළයක් නොබලා එහෙම කතා කරන්න…! – අනෝජා වීරසිංහ

ප්‍රවීණ නිළි අනෝජා වීරසිංහ විසින් තබන ලද සමාජ මාධ්‍යවල සංසරණය වන ලිපියක් පහත දැක්වෙයි.

ගොඩනැගෙමින් පවතින, අභින යෝග ආශ්‍රමයේ වැඩ ටික බලන්නත්, ඉදිරි වැඩ කටයුතු ටික ප්ලෑන් කරන්නත්, මම මොණරාගල ආවා. කලකට පස්සේ පොඩි නිවාඩුවක් ලැබිලා, ජනාධිපතිතුමා විදේශයන්හිදී කළ කතා කිහිපයක් ඊයේ අසන්නට පුලුවන් වුනා.

ජපානයේදී එතුමා කළ කතාව මම ඇත්තටම අහගෙන හිටියේ, පුදුමයෙන්. උගත් විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙකුට වත් මේ තරම් බැරෑරුම් මාතෘකාවක් මේ තරම් පැහැදිලිව, කොලයක් වත් බලන්නේ නැතුව එච්චර ලස්සනට කල හැකිද? හරියට විශ්ව විද්‍යාලයක දේශනයක් අහනවා වගේ මට නම් හිතුනේ.

අද මම ගියා මොනරාගල ප්‍රාදේශීය සභාවට. මේ ගොඩ නැඟෙන අභින යෝග ආශ්‍රමය පිළිබඳව මට අපැහැදිලි යම් කරුනු වගේම, මා ඉදිරියේදී කළ යුතු දේවල් ගැන පැහැදිලි අවබෝධයක් ලබාගන්න.

මා යන විට හිටියේ ලේකම්තුමිය පෙරේරා මහත්මිය පමණයි. මා දුටු විටම ඉතාම සුන්දර සිනහවකින් ඉතාම ලෙන්ගතුව මාව පිළිගත්තා. හැබැයි මම හිටියා කියලා එතුමිය කරමින් සිටි වැඩ නතර කොට මා සමග කතා කලේ නෑ. දොරවල් ඇරිලා තිබ්බේ. වහලා නෙවෙයි. එන හැම කෙනෙක්ම කෙලින්ම ඇවිල්ල එතුමියට කථාකොට තම ප්‍රශ්න විසඳා ගත්තා. ෆයිල් අරගෙන එන කාර්‍යාලයේ සේවක පිරිස් මම යනකම් එළියට වී බලා සිටියේ නෑ. මා එක්කත් සුහදව හිනාවෙලා ඒගොල්ලෝ තමන්ගේ වැඩ ටික කරගෙන යන ගමන්, එතුමිය ඉඩ ලැබෙන විදිහට මගේ ප්‍රශ්න ටිකත් කතා කරමින් ඒවා තමන්ම සටහන් කරගත්තා. ඒ සදහා වෙන කෙනෙක් ගෙන්න ගත්තේ නෑ. දොරවල් ඇරිලා..

මට කිව්වා එතුමියන්ලා ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන බොහෝ ව්‍යාපෘති වල තිබෙන විශයන්, මා මේ ආරම්භ කරන්න යන ආශ්‍රම ව්‍යාපෘතියේ තිබෙන බව.ඉතාම සුළු කාලයක් තුළ, වසර ගණනාවක් දන්නා කෙනෙක් වගේ අපි දෙදෙනාටම හැඟෙන්නට ඇති. කාලය ඉතා වේගෙන් යනවා මට දැනුනේ නෑ.

ඒ වෙනකොට සභාපතිතුමා පැමිණියා එතුමාගේ කාමරයට මාව එක්කගෙන ගියා. ඒ දොරද ඇරිලා තිබුනේ හැමෝටම. AC on කර නොතිබූ කාමරයක්. එතුමා ලේකම්තුමිය වගේම ඉතා සුහදව, අව්‍යාජ ගෞරවයකින් මා පිළිගත්තා පමණක් නෙවෙයි, මේ සියලුම දේවල් පිළිබඳව සාකච්ඡා කලා.
වසර ගණනාවක කලාක්ෂේත්‍රයේ සිටි මට යන හැම තැනකම ආදරය ලැබෙන බව ඇත්ත. එහෙත් රසිකයන්ගෙන් ලැබෙන ආදරේට එහා ගිය අව්‍යාජ, ලෙන්ගතුකමක්, අපේ කමක්, එම කාර්යාලය තුළ මා දුටුවා. එතුමා සමඟත් මෙම ව්‍යාපෘතිය පිළිබඳව සෑහෙන වෙලාවක් පැහැදිලිව කථා කරන්නට මට කාලය ලැබුණා.

මෙහිදීත් මා දුටු පුදුම කරුණ නම්, එතුමාගේ කාර්යාලයේ දොරත් දිගටම ඇරිලා තිබුණේ.
වෙනදා විශේෂිත පුද්ගලයන්ට විතරක් ඇරෙන මේ දොරවල්, අද එන ඕනෑම කෙනෙකුට කෙලින්ම ඇවිදගෙන එන්නට පුළුවන් විදියට ඇරිලා තිබුණා.

එක සිද්ධියක් විතරක් මතක් කරන්නට කැමතියි. ඉතාම අසරණ පෙනුම ඇති. කෙසග, වියපත් යාචකයෙකුගේ වැනි පෙනුමක් තිබුණු කෙනෙක්, කාර්යාලයේ කෙනෙක් සමග පැමිණියා. ඔහුට තිබුණේ වැසිකිළියක් පිළිබඳ ප්‍රශ්නයක්. .ඒ ඉක්මනින් කරදෙන ලෙස එම කාර්යාල සේවකයාට එතුමා පැවසු විට මා පුදුමයෙන් බලා සිටියා. මීට පෙර මගේ අත්දැකීම් නම් එවැනි ප්‍රශ්නයක් සභාපතිතුමා ළඟට ගෙනාපුවහම සේවකයා බැනුම් අහන එක. මේවගේ ඒවාත් මගේ ලඟට ගේන්න ඕනද කියලා මහා හයියෙන් බනින අවස්ථා මං ඇස් දෙකෙන් දැක තිබෙනවා.

අද දිනයේ මා අත්දැක්කේ ජනාධිපතිතුමා ජපානයේදී කළ කතාවේ කියූ බොහෝදේ දැන් සිදුවෙමින් පවතින බව. එතුමාගේ ගමන යන්නට මා කළ කිසිම උදව්වක් නෑ. ඒ වගේම මා යන ගමනේදී පුද්ගලිකව එතුමාගෙන් කිසිම දෙයක් ලබාගන්නට අවශ්‍යතාවයකුත් නෑ..

හැමදෙනාම දන්නා පරිදි මා මේ රටේ ජනාධිපතිවරුන් කිහිප දෙනෙකු රට පාලනය කරද්දී, රට වැසියන් වෙනුවෙන් අප්‍රමාණ වැඩ කොටසක් කලේ අප රටේ මිනිස්සුන්ට තිබෙන ආදරය නිසා බව.
මගේ ජීවිතයේ වසර හැත්තෑව තුළ මා දුටු දේ නම්, අප කොපමණ කාලයක්, රට කල අය අපේ ජීවිතවලට අප්‍රමාණ, අමානුෂික වැරදි කරද්දී, අපි නිහඩව, නිවටව, ඉවසාගෙන හිටියාද?

අපි හැමදාම ප්‍රාර්ථනා කලේ දැන් මේ සිදුවෙමින් පවතින වෙනස නොවේද? ඒ වෙනස සිදුවෙන බව පෙනෙද්දී, අප සහයෝගය දිය යුතු නැද්ද. ? විශේෂයෙන්ම අපේ රටේ තරුණ දරුවන්, ළමයින් වෙනුවෙන්, ලස්සන, ආරක්ෂිත, ආදරය, කරුණාව, දයාව වැනි, මානව ගුණධර්මයන්ගෙන් පිරිච්ච මිනිස්සු ඉන්න රටක් පිළිබඳව අපිට බලාපොරොත්තුවක් තබාගන්නට අවශ්‍ය. නැද්ද? ඒ සඳහා එකමුතුව අප වැඩ කළ යුතු නැද්ද? මට අද හිතුනු දේ නම්, අපි තවත් ප්‍රමාද විය යුතු නැති බවයි.

අනෝජා වීරසිංහ
සුන්දර මොනරාගල ගම් පියසේ සිට
30/ 09/ 2025
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka