gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දරුවන් වෙනුවෙන් ඇය කොයිතරම් නම් කැපවීමක් කරලද ? – මේ ඔබ ඇසිය යුතුම කතාවක්!

ශිෂ්‍යත්ව ප්‍රතිඵල ආවා කියන එක මේ වෙනකොට හැමෝම දන්නා කාරණයක්.

ඉතින් සමහර ළමයින් ඉහළින්ම සමත් වෙලා තියෙනවා.

තවත් සමහරු අසමත් වෙලා තියෙනවා.

හැබැයි ඉතින් සමත් වුණත් අසමත් වුණත් ළමයින්ගේ මනස කඩා නොවට්ටවා ඉන්න එක දෙමව්පියන්ගේ වගේම වැඩිහිටියන්ගේ වගකීමක්.

ඉතින් මේ ප්‍රතිඵල එනවත් එක්කම හරි අපූරු වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ ඔස්සේ හුවමාරු වෙනවා.

ඒ ලෝචනා ඉසුරින්දි කියන ගුරුවරියගේ සටහනක් සහ වීඩියෝවක්.

ඇය වෘත්තියෙන් ගුරුවරියක් විතරක් නෙවෙයි ඇය රංගන ශිල්පිනියක්ද වෙනවා.

ඇය තම සිසුන් වෙනුවෙන් සිදු කළ කැපකිරීම් ගැන ජිවිතයට ඉඩදෙන්න වැඩසටහනේදි මෙසේ අදහස් දක්වා සිටියා.

“රෑ 2ට 3ට Shooting ඉවර උනත් මම යනවා. පහු වෙනිදා උදේ මේ දරුවෝ 5 දෙනා වෙනුවෙන් කොහොම හරි ඉස්කෝලෙ ඉන්නවා. මම ඇඩුවෙත් ඒකයි. මම කරපු ඒ දේවල් ටික මත මතක් වෙනවා. මතුගම ඉදලා කලවානට එන්න තියෙනවා කිලෝමීටර් 10ක් 12ක් විතර. පාලම පාළුයි පාර කවුරුත් නෑ. මිනිස් පුළුටක් නෑ. බයික් එකක් කැඩුනොත් කරන්න දෙයක් නෑ. සමන් දෙයියන්ගේ අඩවියනේ, සමන් දෙයියන්ට කිය කිය තමයි එන්නේ. සමහර දවස් වලට පැය 24ම නිදි නෑ. ඒ වගේ අසීරු කාලයක තමයි මම මේගොල්ලන්ව 5 වසරේ භාරකාරිත්වයට ගත්තේ. මගේ ව්‍යාපාර කටයුතු තියෙන්නේ පිටරටත් එක්ක ඒ දේවල් ඔක්කොම මගහැරුණා. කලා කටයුතු ගොඩක් මගහැරුණා හැබැයි මට දුකක් නෑ. ඒ මගහැරුණු සතුට මෙයාලා මගෙ ජීවිතයට දුන්නා. ”
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka