gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජේෂ්ඨ නීතිඥ ආචාර්ය සුනිල් අබයරත්න මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරය සඳහා තරඟවදී...


ජේෂ්ඨ නීතිඥ ආචාර්ය සුනිල් අබයරත්න මහතා මෙවර ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරය සඳහා තරඟ වැදීමට නාම යෝජනා භාරදෙන ලදී. නාම යෝජනා බාරගැනීම සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ විරාජ් දයාරත්න මහතාගේ මූලිකත්වයෙන් ජනවාරි මස 15 වන  දින පැවැත්වීය. මේ අනූව ශ්‍රි ලංකා නීතීඥ සංගමයේ 2025/2026 වර්ෂ සඳහා සභාපතිවරයා තෝරා පත්කර ගැනීමට නියමිතව ඇති අතර එතුමා මෙවර තරඟ කරන අපේක්ෂකයින් අතරින් ජේෂ්ඨතම තරගකරු වේ.

නීතිඥ සංගමයේ සභාපති ධුරය සඳහා  නීතිඥ ආචාර්ය සුනිල් අබයරත්න මහතාගේ නම යෝජනා කර ස්ථිර කරනු ලැබුවේ ,
 
1 ජනාධිපති නීතීඥ සංජය රාජරත්නම්
2 ජනාධිපති නීතීඥ උදය රොහාන් ද සිල්වා
3 ජනාධිපති නීතීඥ නීල් උනම්බූව
4 ආචාර්ය සුනිල් කුරේ
5 නීතීඥ ලාල් විජේනායක
6 නීතීඥ මල්ලිකා හේරත් 
7  ජනාධිපති නීතීඥ වින්ස්ටන් පෙරේරා
8 ආචාර්ය ප්‍රතිභා මහානමහේවා
9 නීතීඥ සියානුල් ලුතුෆි
10 ජනාධිපති නීතීඥ  D.A.P වීරරත්න 
11 නීතීඥ සුනිල් ජයරත්න  
12 නීතීඥ ලියොන් ප්‍රනාන්දු

යන නීතිඥ සංගමයේ ගරු ජේෂ්ඨ සාමාජීකයන් විසිනි.

නීති වෘත්තියේ  වසර 38 ක සක්‍රිය පලපුරුද්දක් ඇති අයෙකු වීම

2025/2026 වසර සදහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරයට තරඟ වදින ආචාර්ය සුනිල් අබයරත්න මහතා නීතිඥවරයෙකු ලෙස නීති වෘත්තියේ සක්‍රිය  ලෙස වසර 38 ක පළපුරුද්දක් ඇති අයෙකි .ඔහු නීතිඥ සංගමයේ ලේකම් ලෙස වසර 2006-2008 වසර සදහා තේරී පත් විය. තවද ඔහු කලාපිය උප සභාපති , විධායක කමිටු සාමාජික ,නීතිඥ සංගමයේ , නීති සඟරා සහකාර කතෘ (1997 -2006 ) නිතිඥ සංගමයේ මාසික පුවත් පත්‍ර කතෘ (2000-2002) ලෙස කටයුතු කරන ලදී. නීතිඥ කවුන්සිලයේ සාමාජිකයෙකු ලෙස පසුගිය වසර 36 තුල ඔහු අඛණ්ඩ නීති අධ්‍යාපන  කමිටුව , ජාතික නීති සම්මන්ත්‍රණය සහ තොරතුරු තාක්ෂණ නීති කමිටුවේ සභාපති වරයා විය. ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නීතියේ පුරෝගාමියෙකු වන ආචාර්ය සුනිල්  අභයරත්න මහතා කොළඹ විශ්ව විද්‍යාලයෙන් ප්‍රථම තොරතුරු තාක්ෂණ නීතිය පිළිබද ආචාර්ය  උපාධිය ලබා  ඇති අතර අධ්‍යාපන  ජයග්‍රහණ රාශියක් ඔහු හට හිමිය. 

එතුමා  ලන්ඩන් ක්වින් මේරි විශ්ව විද්‍යාලයේ උපාධියද, එල්.එල්. එම් උපාධියද ,ඉන්දිරා ගාන්ධි ජාතික  විවූර්ත  විශ්ව  විද්‍යාලයෙන් එම්.බි.ඒ උපාධියද, කොළඹ වෛද්‍ය පීඨයෙන් අධිකරණ වෛද්‍ය විද්‍යාව පිලිබදව ඩිප්ලෝමා සහතිකය ලබා ඇත . ආචාර්ය  අබයරත්න මහතා 1986 දී නීතිඥවරයෙකු ලෙස දිවුරුම් දුන්  අතර මෙරට අභියාචනා සහ මුල් අවසථා අධිකරණ වල සිවිල් , අපරාධ, වාණිජ සහ  පරිපාලන නීති ප්‍රගුණ කරමින් කීර්තිමත්  ජිවිතයක් ගත කර ඇත.

නීතිඥ වෘත්තියේ කැපී පෙනෙන පුද්ගලයන් වූ ජනාධිපති නීතිඥ  නිමල්  සේනානායක මහතා , නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ දයා පෙරේර මහතා
හා ජනාධිපති නීතිඥ තිවංක වික්‍රම සිංහ මහතා යටතේ ඔහු සිය වෘත්තියේ  කටයුතු ඇරඹිය  . එතුමාගේ ජයග්‍රහණ මත ලන්ඩනයේ වාණිජ නීති අධ්‍යනය මධ්‍යස්ථානයේ  
සුදුසුකම් ලත් ජාත්‍යන්තර වාණිජ බේරුම්  කරුවෙකු ලෙස ඔහුගේ පුළුල් අධිකරණ අද්දැකීම් පරිපුර්න කර ගෙන ඇත. ඔහු නීතිඥ සංගමයේ ලේකම් වරයා ලෙස ක්‍රියා කල කාලය තුල ජාතික ව්‍යාප්තියක් වන "නීති සතිය දියත් කිරීමට ද දායක විය " .
 
නවතම විෂයක් ලෙස තොරතුරු තාක්ෂණ නීතිය හදුන්වා  දීම සහ එම විෂය පිළිබද නීතිඥ ප්‍රජාවට දැනුම ලබා දීම

තවද නීතිඥ සංගමයේ තොරතුරු තාක්ෂණ කමිටුව පිහිටු වීම නවතම විෂයක් ලෙස තොරතුරු තාක්ෂණ නිතිය  පිලිබදව සිය  සාමාජිකයන් දැනුවත් කිරිම සදහා දීප ව්‍යාප්ත අධ්‍යාපනික  වැඩසටහන් මාලාවක් පවත්වන ලදී . නීතිඥ සංගමයේ සේවා කාලය තුල අබයරත්න මහතා ඔහුගේ ප්‍රධානත්වයෙන් සම්මන්ත්‍රණ මාලාවක් ශ්‍රී ලංකාවේ පමණක් නොව ජාත්‍යන්තර  ලෙස නිපුණතා  සංවර්ධනයට සහ සම්බන්දතා  පුළුල් කිරීමට සංවිධානය කර ඇත.

මේ අතර ඉලෙක්ට්‍රොන්ක  -වාණිජ සම්මන්ත්‍රණය ( 2024), පළමු ජාතික තොරතුරු හා හා සන්නිවේදන තාක්ෂණ නීති සම්මන්ත්‍රණය (2006) ලෝ ඒශියා ( ආසියානු පැසිපික් කලාපිය නීතිඥ සංගමය ) තොරතුරු හා සන්නිවේදනය තාක්ෂණ නීති සම්මන්ත්‍රණය (2007 ) ලෝ ඒශියා සංවිධානයේ  ව්‍යාපාර නීති සම්මන්ත්‍රණය (2011) , ලෝ ඒශියා දත්ත ආරක්ෂණය  සම්මන්ත්‍රණය (2024 ) දැක්විය හැක .ශ්‍රී ලංකාවේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ නිතිය පිලිබදව පළමු ග්‍රන්ථය වන "introction to ICT law " මෙන්ම "lawyers Hand Book on ICT law " එතුමා  විසින් රචනා  කර ඇත .
 
ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් නීති ක්ෂේස්ත්‍රයට විශාල දායකතයක් ලබා දීම

ඔහු ජාතික හා ජාත්‍යන්තර  නීති සඟරා සදහා ලිපි සියයකට අධික  ප්‍රමාණයක් සපයා ඇති අතර ජාතික හා ජාත්‍යන්තර  වශයෙන් පර්යේෂණ  පත්‍රිකා සියයකට අධික ප්‍රමාණයක් සම්මන්ත්‍රණ සදහා ඉදිරිපත් කර ඇත . ඔහු 2006  සිට ලෝ ඒශියා හි කටයුතු කර ඇති අතර ඒ  ( 2014-2015 ) සදහා ශ්‍රී ලංකාවෙන් බිහි වූ දෙවන  උප සභාපති ලෙස ශ්‍රී ලංකාවෙන් පත්විය . තවද විධායක  කමිටු සාමාජික ( 2008-2014 ) , 2022  වසර සිට සන්නිවේදන දත්ත ආරක්ෂණ සහ තාක්ෂණ කමිටුවේ සභාපති,සේවක නීති කමිටුවේ ලේකම් ලෙස ( 2013-2023 ) කටයුතු කරන ලදී . ආචාර් ය  අබයරත්න මහතා 2006 දී ඉන්දියාවේ ගෝවා නගරයේ හා හොන්කොන්හිද  (2017) මැනිලාහි ඒකාබද්ධ නීතිඥ  සංගමය සමගද  (2007) , ක්වාලම්පුර් සහ හයිට්රාබාත්ද  (2008) ,වියට්නාම්හිද  (2019) ,
නව දිල්ලි නුවර (2010) හි සංවිධානය කරන ලද ලෝ ඒශීය සම්මන්ත්‍රණය අමතන ලදී. තවද ඔහු ලෝ එශියාහි  ව්‍යාපාර නිතිය සම්මන්ත්‍රණය(2011) හි මුලසුන හෙබවූ අතර දකුණු කොරියාව (2011 ), බාලි නගරයේ (2012) , සිංගප්පුරුව (2013), බැංකොක් සහ සප්පරෝ ,ජපානය (2014) , නේපාලයේ කත්මන්ඩුහි ජාතික නිති  සම්මන්ත්‍රණය , සිට්නි (2015) , කොළඹ (2016) , ටෝකියෝ සහ චෙන්නාහි ප්‍රධාන සම්මන්ත්‍රණය ( 2017 ) , කාම්බෝජියා (2018) ,මැනිලාහි ව්‍යාපාර නීති සම්මන්ත්‍රණය ,හොන්කොන් හා ෆිජි (2019) , සිට්නි (2022 ) , බැංගලෝර් ඉන්දියා (2023 ) යන සම්මන්ත්රණයන්හි  සයිබර් නිතිය සම්බන්දයෙන්  දේශනා පවත්වා ඇත .2015 වසරේ ලන්ඩන් නුවර පැවතී අටසිය වන සංවත්සර මැග්නකාට් සමුළුව ඇමතීමට ඔහුට වරප්‍රසාද  හිමි විය . ඔහු 2019 SAARC තොරතුරු  නීති සමුළුව අමතන ලදී.

කථිකාචාර්ය  වරයෙකු ලෙස විශ්ව විද්‍යාල ගණනාවක කටයුතු කිරීම

ආචාර්ය අබයරත්න යනු ආචාර්ය උපාධි අධීක්ෂක වරයෙකුද සහ කොළඹ නීති පිඨයේ , කොතලාවල ආරක්ෂා නීති විශ්ව විද්‍යාලයේ නීති පිඨයේ , පේරාදෙණිය නීති
පිඨයේ ,ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ, AP IIT නීති විද්‍යාලයේ,ICBT හරිත විශ්ව විද්‍යාලයේ , ශ්‍රී ලංකා පොලිස් අභ්‍යාස  විශ්ව විද්‍යාලයේ, නුවර වාණිජ බේරුම් කරන
මණ්ඩලයේ තොරතුරු හා සන්නිවේදන නිතිය, ඉදිකිරීම් නීතිය, අපරාධ නීතිය සහ වාණිජ බේරුම් කරන නීතිය පිළිබද භාහිර කථිකාචාර් ය  වරයෙකු ලෙස කටයුතු
කරනු ලබයි . මෙම ආයතන වල විෂය මාලාවට නවතම විෂ යක් ලෙස තොරතුරු සන්නිවේදන තාක්ෂණ නිතිය හදුන්වා දීමට ඔහු  මුලික විය .ඔහු ආසියානු නීති
 පද්දතිය සංවර්ධනය කිරීම සදහා කුන්මින්හි  යුන්නාන් විශ්ව විද්‍යාලය මගින් 2015 දී ජාත්‍යන්තර පරීක්ෂකයෙකු  ලෙස පත් කරන ලදී .

නීති වෘත්තිය කාලින වශයෙන් වෙනස්කම් වලට ලක් කිරීමට දායක වීම

කොළඹ නීති පිඨයේ  අනුමැතිය ලබා ඔහු 2019 දී හොන්කොන්හි පැවතී  UNCITRAL සම්මන්ත්‍රණය සදහා නම් කරන ලදී .ගෝලීය ප්‍රවනතාව පිළිබද  මග පෙන් වීම ලබා ගනිමින් ශ්‍රී ලංකාවේ නීති වෘත්තියේ  විසි එක වන සියවසට ගැලපෙන බවට වග බලා ගනිමින් රටේ සාමාජ ආර්තික සංවර්ධනයට දායක වීමට නීති වුර් තියට  නව මංපෙත් විවර කිරීමට නීතිඥ  අබයරත්න මහතා කටයුතු කරනු ඇත . ඔහු ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ කනිෂ්ඨ සාමාජිකයන් සදහා නව වෘත්තිය අවස්ථා හදුන්වා  දීමට විශේෂයෙන්ම ක්‍රියා කරන  අතර ඒ ඔස්සේ  ඔවුනට සිය වෘත්තිය  සාර්ථකත්වයට පැමිණීමට හැකි වනු ඇත .


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka