ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය වී තිබේ. සංශෝධනයට අනුව ඔක්ටේන් 95 ලීටරක මිල රුපියල් 06කින් පහළ දමා ඇත. ලීටරයක පැවති මිල රුපියල් 377කි. නව මිල රුපියල් 371කි.
සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 06කින් අඩු කර තිබේ. පැවති මිල රුපියල් 319කි නව මිල රුපියල් 313කි. කෙසේ වෙතත්
ඔක්ටේන් 92, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල නොවෙනස්ව පවතින බව ඛනිජ තෙල් නිතිගත සංස්ථාව නිවේදනය කරයි..
මේ අතර ලංකා IOC සමාගම සහ සයිනොපෙක් සමාගමද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සංශෝධනයට අනුකූලව ඔවුන්ගේ ඉන්ධන මිල ගණන්ද සංශෝධනය කර ඇත. මේ අතර ලංකා IOC සමාගම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සංශෝධනයට අනුකූලව ඔවුන්ගේ ඉන්ධන මිල ගණන්ද සංශෝධනය කර ඇත.
කෙසේ නමුත් සයිනොපෙක් සමාගම රුපියල් 280ක්ව පැවති ලංකා සුදු ඩීසල් මිල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පවතින මිල වන රුපියල් 283 දක්වා ඉහළ දමා තිබේ. මේ වනවිට රජයට විරුද්ධ දේශපාලන පාර්ශව චෝදනා කරමින් ඇත්තේ ඉන්ධන මිල පහළ දැමීමට ඔවුන් අසමත් වීම පිළිබඳවය.