gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගැහැනු පිරිමි පාසල් සිසුන් 05ක් අපයෝජනය කළ මනෝ විකෘතිකයෙක් අත්අඩංගුවට!

මහනුවර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය මගින් පේරාදෙණිය ඉහළ මුරුතලාව ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

සැකකරු විසින් මේ වන විට 15 හැවිරිදි පාසල් සිසුවියක් හා පාසල් සිසුන් 05 දෙනෙකු බරපතළ ලිංගික අපයෝජනයකට ලක්කර ඇතැයි වාර්තා වෙයි.

මෙම පුද්ගලයා ප්‍රදේශවාසීන්ව ද බිය ගන්වමින් දරුවන් බලහත්කාරයෙන් අපයෝජනය කරනා බව පැවසෙනා අතර මොහුට එරෙහිව 15 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් මීට පෙර ද පේරාදෙණිය පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබෙන බව වාර්තා වෙයි.

මෙලෙස අපයෝජනයට ලක්ව ඇති දරුවන් 05 දෙනා අවුරුදු 12ත් 15ත් අතර වයසේ පාසල් සිසුන් බවත් ඔවුන් අතර එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු ද සිටිනා අතර මෙම පාසල් සිසුවිය හා සිසුන් පස් දෙනා සැකකරු විසින් අවස්ථා ගණනාවකදී අපයෝජනයට ලක්කර තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් වැඩිදුරටත් අනාවරණය වී ඇත.

සැකකරු විවාහක දෙදරු පියෙක් වන අතර තවත් පිරිමි දරුවෙකු බලහත්කාරයෙන් ප්‍රදේශයේ ලදු කැලයකට රැගෙන ගොස් අතවර කිරීමට සූදානම් වූ අවස්ථාවේ එම දරුවා සැකකරුගේ අත සපා ඔහුගෙන් මිදී ඇති බවද පැවසේ. 

පොලිස් කණ්ඩායමක් සිවිල් ඇඳුමින් සිට කිරිබත්කුඹුර ප්‍රදේශයේදී සැඟව සිටි සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

අපයෝජනයට ලක්වූ බව සඳහන් දරුවන් 5 දෙනා මහනුවර ජාතික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර වාර්තාවක් ලබා ගැනීමට පොලීසිය කටයුතු කර ඇති අතර අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කළ සැකකරු මහනුවර අතිරේක මහෙස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය හමුවට ඊයේ (02) ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka