සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් යුතු ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අද පැවැත්වෙනවා.
මේ පළමු තරගයේ විශේෂත්වයක් සිදු වීමට නියමිතයි.
ඒ තරගය අතරතුර විවේක දිනයක් නම් වීම.වසර 23කට පසුවයි එවැනි ආකාරයේ සිදුවීමක් සිදුවන්නේ.
මීට පෙර 2001 වසරේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව කොළඹදී පැවැති තරගය ද පොහොය දිනය හේතුවෙන් මෙවැනි ආකාරයේ විවේක දිනයක් ලබා දීමට කටයුතු කෙරුණා.
21 වැනිදා පැවැත් වීමට නියමිත ජනාදිපතිවරණ ඡන්දය හේතුවෙන් මේ විවේක දිනය ලබා දෙනු ලැබුවා.