gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට බෙදන්න කලින් පිට කරයි

5 වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ජයාරූප ගතකර බෙදාහරින ලද බව කියන ශාලාධිපතිවරයෙකු ඇතුළු ගුරුවරු 6 දෙනෙකු ප්‍රශ්න කිරිම සදහා විභාග දෙපාර්තමේන්තුව විසින් සිය බාරයට ගෙන ඇත.

ශිෂ්‍යත්ව විභාගය ආරම්භ වීමට විනාඩි 10කට පෙර විභාග මධ්‍යස්ථානයේ සහකාර විභාග ශාලාධිපතිවරයා විසින් පළමු පත්‍රය දුරකථනයෙන් ඡායාරූප ගතකර තවත් ගුරුවරුන් කීපදෙනෙකුට යැවීම සම්බන්ධව එම ශාලාධිපතිවරයා සමග ගුරුවරු 6 දෙනෙකු ජංගම දුරකතන සමග විභාග දෙපාර්තමේන්තුව විසින් සිය බාරයට ගෙන ඇත.

5 වසර ශිෂ්‍යත්වය විභාගයේ ප්‍රශ්න පත්‍රය පිට කිරීම සමිබන්ධයෙන් වගකිව යුතු සියලු දෙනාටම නීතිය තදින් ක්‍රියාත්මක කර දැඩි දඩුවම් පැමිණවිමට බලධාරීන් නොපමාව කටයුතු කළ යුතු බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු සදහන් කරයි.

අනුරාධපුර නගරයේ සහ නොච්චියාගම යන ප්‍රදේශවල පිහිටි පාසල්වල සේවය කරන විදුහල්පතිවරයෙකු ඇතුළු පිරිසක් මෙම චෝදනාවට ලක්ව සිටින අතර ඔවුන් ප්‍රශ්න පත්‍රය අනුරාධපුර, නොචිචියාගම, කොළඹ, ඇතුළු ප්‍රදේශ කිපයකට යවා තිබෙන බවට අනාවරණය වී ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka