gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සමාජ මාධ්‍ය තාවකාලිකව අත්හිටුවයි?

 
ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන් වීමෙන් පසුව පවතින පැය 48 ක නිහඬ කාලයේ දී සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන අපේක්ෂක ප්‍රචාරක කටයුතු හා මඩ ප්‍රචාර ආදිය නතර කිරීම සඳහා පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට මැතිවරණ කොමිෂන් සභාව සැලසුම් කර තිබේ.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ සමාජ මාධ්‍ය ජාලා අයත් සමාගම් සමග එක්ව මෙම වැඩපිළිවෙළ සකස් කිරීම සම්බන්ධව අවධානය යොමුකර ඇතැයි ද එම කොමිසම සඳහන් කරයි.

මෙමස 18 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් පසු ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන් වන අතර, 19 වැනිදා සහ 20 වැනිදා නිහඬ කාලය වේ.

මෙම කාලය තුළදී ප්‍රචාරක කටයුතු කිරීම සම්පූර්ණයෙන්ම තහනම් වුවත්, සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරක කටයුතු කිරීමේ සැලසුමක් පවතින බවට තොරතුරු අනාවරණයවී තිබේ.

සමාජ මාධ්‍ය කණ්ඩායම් සමග සාකච්ඡා කර නිහඬ කාලය තුළදී මැතිවරණ ප්‍රචාරක හා මඩ ප්‍රචාර කටයුතු නතර කිරීම සඳහා මැතිවරණ කොමිසම දැඩි උත්සාහයක් ගන්නා බව එහි සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා පැවසීය.

මෙම ප්‍රචාරක කටයුතු බොහොමයක් සිදු කෙරෙන්නේ විදෙස් රටවල සිට බවද ඔහු සඳහන් කරයි.

මේ වනවිටත් සමාජ මාධ්‍යවල පළකර තිබූ මඩ ප්‍රචාර ආදිය එම සමාගම් සමග සාකච්ඡා කර ඉවත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන ඇතැයි ද සභාපතිවරයා සඳහන් කලේය.

තවද නිහඬ කාලයේදී සමාජ මාධ්‍යවල සිදු කෙරෙන මැතිවරණ ප්‍රචාරක කටයුතු වැළැක්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවද ක්‍රමවේදයක් සකස් කරගෙන යන බව ද ඔහු පැවසීය.
-srilankamirorr
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka