gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

11වැනිදා නිවසින් අතුරුදන්වූ මදුෂාන් කොත්මලේ ජලාශයට ආවේ කොහොමද?

නිවසින් අතුරුදහන්ව සිටි තරුණයෙකුගේ මළ සිරුර ඉහල කොත්මලේ ජලාශයේ පාවෙමින් තිබියදි (14) දින සොයා ගත් බව තලවකැලේ පොලිසිය පැවසිය.

මෙසේ සොයා ගනු ලැබුවේ තලවකැලේ වත්තේ ඉහල කොටසේ පදිංචිව සිටි එස්. මදුෂාන් නැමැති 24 හැවිරිදි තරුණයාගේ සිරුරයි.

එම තරුණයා ඉකුත් (11) දින සිට නිවසින් අතුරුදහන් වි සිටන බවට එම තරුණයාගේ දෙමාපියන් විසින් තලවකැලේ පොලිසිට පැමිණිල්ලක්ද කර  තිබුණි.

තලවකැලේ පුඩළුඔය මාර්ගයේ ජලාශය හරහා ඉදිකර තිබෙන පාලම යට නාදුනන පිරිම මල සිරුරක් පාවෙමින් තිබෙන බවට ප්‍රදේශවාසින් විසින් තලවකැලේ පොලිසිට වෙත  ලබා දුන් තොරතුරක් මත තලවකැලේ පොලිසිට විසින් සිරුර ගොඩ ගෙන පරික්ෂා කිරිමෙදි ඥාතින් විසින් සිරුර හදුනා ගෙන ඇත.

සිරුර සම්බන්ධයෙන් නුවරඑළිය මහේස්ත්‍රාත්වරයාගේ ස්ථාන පර්ක්ෂාවෙන් පසු   සිරුර පස්ශාත් මරණ පරික්ෂණය සදහ නුවරඑළිය දිස්ත්‍රික් මහ රොහලේ අධිකරණ වෛද්‍ය වරයා වෙත යොමු කරන බව තලවකැලේ පොලිසිය පැවසිය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka