gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කොළඹ ඇඟලුම් කම්හලක සේවයට පැමිණ ගණිකා වෘත්තියේ යෙදුණු බිරියට පහර දුන් සැමියාත් ගුටි කා රෝහලේ!

කොළඹ ඇඟලුම් කම්හලක සේවයට යන බව පවසා මුලතිව් සිට කොළඹට ගොස් සම්භාහන සේවයේ නිරත වූ කාන්තාවක් සොයා පැමිණි ඇගේ සැමියා සම්භාහන නිවාසයේදීම කාන්තාවට පහර දීම නිසා ඔහුව පෙරේදා (20) පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

මුලතිව්, මුරුකණ්ඩි ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි කාන්තාවක් මීට මාස දෙකකට පමණ ඉහතදී කොළඹට ගොස් ඇත්තේ ඇඟලුම් කම්හලක සේවය කිරීමටය.

ඇය සමඟ සේවය කළ තවත් කාන්තාවන් කිහිප දෙනෙකු එම රැකියාවෙන් ලැබෙන වැටුප ප්‍රමාණවත් නොවන බව පවසමින් කාලය ලැබෙන අවස්ථාවල දී කොළඹට ආසන්න ප්‍රදේශයක සම්බාහන මධ්‍යස්ථානයක සේවය කරමින් ගණිකා වෘත්තියේ ද යෙදී අමතර මුදලක් සොයා ගෙන තිබේ.

ඇඟලුම් කම්හලේ සේවය කරන මුලතිව් ප්‍රදේශයේ වෙනත් කාන්තාවක් මේ ගැන මුලතිව් සිටින ස්වාමියාට තොරතුරු පැවසීමෙන් පසුව ස්වාමියා මුලතිව් සිට කොළඹට ගොස් ඇත්තේ තම බිරිය සම්බන්ධයෙන් කී කතාවේ සත්‍යතාව දැන ගැනීමටය.

සිය බිරිය සොයා ගිය ඔහුට අවසානයේදි බිරිය හමු වී ඇත්තේ සම්බාහන මධ්‍යස්ථානයකදීය. ඇති වූ කෝපය මත ඔහු බිරියට දැඩි සේ පහර දෙන්නට වූයෙන් එම ස්ථානයේ සිටි පිරිසක් සැමියාට පහර දී තිබේ.

සැමියා විසින් බිරියට පහර දීම නිසා අනෙක් පිරිස සැමියාට පහර දීම හේතුවෙන් සැමියා ද තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කොට සිටියදී බිරියගේ පැමිණිල්ලක් මත පොලිසිය පැමිණ සැමියාව රෝහලේදීම අත්අඩංගුවට ගෙන ඇත. සැමියාට එරෙහිව නීති මඟින් කටයුතු කිරීමට පොලිසිය පියවර ගෙන ඇති අතර සැමියා බිරියගෙන් වෙන්වීමට අවශ්‍ය කටයුතු සලසන ලෙස රෝහලේ සිට මුලතිව් ප්‍රදේශයේ නීතිඥවරයකුට දුරකතන ඇමතුමක් ද ලබා දී තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka