gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"මචං මම එයාට කොච්චර ආදරේ කරාද?" - “බූට්“ සින්දුවට පැරැණි පෙම මතක් වෙලා... තරුණයාට අත් වූ අවාසනාවන්ත ඉරණම

මිතුරන් පිරිසක් එක්වී පැවැත් වූ මධු සාදයේදී මත්වුණු මිතුරන් ගායනා කළ විරහ ගී නිසා තම පැරණි පෙම මතක් වී හදවතේ වේදනාවක් ඇති වී සාදය නවත්වා වෛද්‍යවරයකු වෙත ගොස් ප්‍රතිකාර ගත් තරුණයකු පිළිබඳ පුවතක් තලාතුඔය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

විවිධ රැකියාවල, විවිධ ප්‍රදේශවල සිටි මිතුරන් කිහිප දෙනෙකු පසුගිය දිනක එක්වී මධු සාදයක් පවත්වා ඇත. විවිධ වර්ගවල බීම හා කෑම සමගින් තිබු සාදයට සංගීත භාණ්ඩ කිහිපයක්ද රැගෙන ආ මධුවිත තොල ගාමින් ගීත ගායනා ද පවත්වා ඇත.

පැරණි ගීත මෙන්ම නව පරපුරේ ගීත ද ගායනා කරමින් පැවැත් වූ සාදයේදී ඉතා මිහිරි විරහ ගී කිහිපයක්ද ගායනා කර ඇත.

මිතුරන් අතරේ සිටි එක් මිතුරකු එක් වරම මචං මගේ පපුව පොඩ්ඩක් රිදෙනවා යැයි පවසා ඇත.

එන්න එන්නම පපුවේ රිදිල්ල වැඩි වූ නිසා සාදය අතර මග නවතා ප්‍රදේශයේ වෛද්‍යවරයකු වෙත රැගෙන ගොස් රෝග ලක්ෂණ පවසා ප්‍රතිකාර ලබා නිවසට පැමිණ ඇත.

පසුවදා උදේ මිතුරන් පිරිස තම අසනීප මිතුරා බලන්න ගොස් ඊයේ රාත්‍රියේ මොකද මචං වුණේ යැයි විමසා ඇත.

එවිට අසනීප මිතුරා පවසා ඇත්තේ ''මචං උඹල ලස්සන බූට් සින්දු ටිකක් කිව්වනේ ඉතින් මගෙත් එක්ක යාළුවෙලා හිටිය අහවලා මතක් වුණා. ඒකි දැන් බැඳලනේ උඹලා දන්නවනේ මං එයාට කොච්චර ආදරේ කරාද කියලා, මමත් ටිකක් මත් වෙලානේ හිටියේ මට ඒ සින්දු දරා ගන්න අමාරු වුණා මගේ පපුව හිරවෙන්න ගත්තා මචං'' යැයි පවසා ඇත.

එවිට මිතුරන්, අනේ උඹ වගේ මෝඩයකු යැයි පවසා මහ හඬින් සිනාසි ඔහුට විහිළු කොට නිවසින් පිටවී ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka