gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වෙඩි­ක්ක­රුට එක් ලක්ෂ පනස් දහ­සයි , රියැදුරුට ලක්ෂ දෙකයි.. අතුරුගිරියම කැළඹූ ක්ලබ් වසන්ත ඝාතන සිද්ධිය ගැන තවත් විශේෂ අනාවරණයක්!

ඉකුත් ජූලි මස අට­වෙනි දින සිදු කළ සුරේන්ද්‍ර නොහොත් ක්ලබ් වසන්ත ඝාත­නය සම්බ­න්ධ­යෙන් මේ වනවිටත් පර්‍යේෂන ක්‍රියාත්මක වෙනවා..

එම සිද්ධියට අදාළ අනෙක් වෙඩි­ක්කරු සහ තවත් පුද්ග­ල­යෙකු පාන­දුර පින්වත්ත ප්‍රදේ­ශයේ බස් නැව­තු­ම­කදී අත්අ­ඩං­ගු­වට ගත් බව පාන­දුර කොට්ඨාස අප­රාධ විම­ර්ශන අංශය පැවසුවා..

මෙලෙස අත්අ­ඩං­ගු­වට ගෙන ඇති අනෙක් පුද්ග­ලයා එම අප­රා­ධ­යෙන් අන­තු­රුව මෝටර් රථය පැදවූ රිය­දුරු වන අතර, විදේ­ශ­ග­තව සිටින ලොකු පැටි නැමැත්තා වෙඩි­ක්ක­රුට රුපි­යල් එක් ලක්ෂ පනස් දහ­සක මුද­ල­කුත් , රිය­දු­රට ලක්ෂ දෙකක මුද­ල­කුත් ඒවා ඇතැයි මූලික විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය වී තිබෙනවා..

එම ඝාත­න­යෙන් අන­තු­රුව කඩ­ව­තට පැමිණි මොවුන් දෙදෙනා බස් රථ­යෙන් බෙලි­අත්ත කරා ගොස් ඇති බව පොලිස් විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය වී ඇති අතර, අත්අ­ඩං­ගු­වට ගත් සැක­ක­රු­වන් දෙදෙනා වයස අවු­රුදු 32 හා 28 අතර පසු­ව­න්නන්... වෙඩික්­කරු හමුදා සෙබ­ලක් වන අතර අනෙක් පුද්ග­ලයා ධීව­ර­යෙක් බව පොලී­සිය පව­සනවා..

දිනමිණ පුවත්පත ඇසුරෙන්.. 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka